This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 11th Tuesday, Feb 2025
ලක්‍ෂ්මී යෝගයෙන් ධනය ලැබෙන්න ධන ලක්‍ෂ්මී දිව්‍යාංගනා සාධනයක්‌

සල්ලි දෙවියන්ගේ මල්ලී, එහෙත් යකාගේ බිල්ලකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අද දක්‌වා මිනිසුන් ජීවත්වීමේ අපේක්‍ෂාවෙන් සන්නද්ධව තොර තෝංචියක්‌ නැතිව නොයෙකුත් දුක්‌ වේදනා විඳිමින් දුගියාත් සිටුවරයාත් මුදල් ඉපයීමේ මාරාන්තික අරගලයක යෙදෙයි. මෙම මුදල් ආදීන කාලයේ හැඳින්වූයේ “කාසි” කියාය. මේවා නිර්මාණය කරන්න උපයෝගී කරගෙන ඇත්තේ රන්, රිදී, තඹ ආදී ලෝහමය ද්‍රව්‍යයන්ය. ඒවා තංගම. මාලක්‌කා, තංගම් ගිනි මැස්‌ස, තංගම සාත්තුවර යන නමින් හඳුන්වා ඇත. තවද එකල මෙම කාසි වර්ගයන් හැඳින්වූයේ දොයිතුව, තුට්‌ටුව, පනන් ආදී විවිධ නම් වලින්ය. එයින් දොයිතුව ඉතා අඩුම වටිනාකමෙන් යුත්තයි. එය ශත භාගයක්‌ පමණ වටිනා තඹ කාසියකි. මෙම තඹකාසියටත් එදා තම අතේ නැතිවූ විටක ඉඳකින් මගේ අතේ තඹදොයිතුවක්‌ නෑ. තුට්‌ටුවක්‌ අතේ නෑ. යන වහර “නෑ” යන වචනය ප්‍රමුඛව දොඩති. මේ වචනය අප මුවින් පිටකරන මූසල වචනයකි. මෙම වචනය කිසිම දිනක නොකියන්න සිත් තබා ගන්න. එදා එසේ භාවිත කළ කාසි අද නොයෙකුන් විවිධ කලානුරූපයෙන් නිර්මාණය වී හැඩතලයන් පූර්ණව කඩදාසි කැබැල්ලක මුද්‍රණය වී අප අතට පත්වෙයි. කුමන ආකාරයෙන් උවද මේවා සල්ලිය. මුදල්ය. සල්ලි නැති අය දුගියන් ලෙසත් සල්ලි ඇති අය ධනපතියත් ලෙසත් සැලකේ. ධනපති (ධන අධිපතිවේ) එවිට ධනයට අධිපතියන් ලෙස ධනවාදියා අප හඳුන්වයි.

ධනවාදීන් මිනිසුන් අතර සිටියද, ධන සම්පත් දෙන දෙවි දේවතාවන්ද සිටී. ඔවුන් අතරින් ප්‍රමුඛ වන්නේ ශ්‍රී ලක්‍ෂ්මී දේවතාවියයි. භාරතීය හින්දුන්, දෙමළ හා අප රටේ සිංහල ජනයා ධන සම්පත් ලැබ සෞභාග්‍ය ලබාගැනීම උදෙසා ශ්‍රී ලක්‍ෂ්මී අදහයි. ඒ සඳහා පුද සත්කාරද කරයි. මෙහි සත්‍යත් විශ්වාසයත් නිරතවම ඇත. එසේ එය සිදුවන්නේ “පස්‌පවින් තොර වූ විට දිව්‍යලෝකයේ යනවා වගේ” දෙයකි. අපි ලක්‍ෂ්මීගේ රුවත්, යත්‍රයක්‌, හෝ ශුභ වස්‌තුවක්‌ ශුභ නැකතකින් බිත්තියේ එල්ලීමෙන් තැන්පත් කිරීමකින් පමණක්‌ සෙතක්‌ ලබාගැනීමට නොහැකිය. එවිට ලක්‍ෂ්මී බිත්තියේ අපි මහ පාරේ කියා දේව විශ්වාසය කඩකර ගනී. ධන ලක්‍ෂමීගෙන් පිහිටත් සෞභාග්‍යයත් ලැබ දියුණු වීමට නම් ඒ සඳහා නිසි වේලාවට පහන් දල්වා මල්පුදා පුද පූජාදිය පවත්වා අදාළ සත්‍රොත්‍ර, ශ්ලෝක, මංත්‍රාදිය සඡ්ධායන කළයුතුයි. එසේ තුන්මසක්‌ දින අනුවක්‌ නොකඩවා චාරිත්‍ර විධි අනුගමනය කරන්නේ නම් ඔබටත් ධනය ලැබී දියුණුවේ දොර විවෘත වේ. පුරාණයේ විසූ රාවණා ආදී මහා විද්‍යාධර මංත්‍රඥයන් සෞභාග්‍ය ලබා සැප සම්පත් ළඟකර ගැනීමට ශ්‍රී ලක්‍ෂ්මී දේවතා බන්ධන හා සාධන ක්‍රමයන් අනුගමනය කර අශංඛය ප්‍රයෝජනයක්‌ ලබා ඇත. දේවතා බන්ධනයෙන් කෙරෙන්නේ දේවතා නාමයෙන් හඳුන්වන ගුප්ත ආත්මය බැඳ ගැනීමයි. බන්ධන කිරීම තරමක්‌ අසීරු කරුණකි. දේවතා සාධනයක්‌ හරිහැටි කළොත් ඉන් සිදුවන්නේ දෙවියන් පැහැදී ආකර්ෂණයක්‌ ලැබීමයි.

මෙම කාලය රන් හා සමානයි. මිනිසාට ධනය දෙන යෝගයකි. එබැවින් මෙම වෙලාවතුළ ධනලක්‍ෂ්මී යංත්‍රයක්‌ අඳුනක්‌, තෙලක්‌, දක්‍ෂිණවෘත්ත ශංඛයක්‌, කළුකහකුල්ලක්‌, ඒකාක්‌ෂිපොල් ගෙඩියක්‌, හත්තා ජෝඩුවක්‌, ඒක මුඛ රුදාක්‌ෂයක්‌, නරිඅඟක්‌, ශ්වේතානි, චිතවර්ලි රිකිල්ලක්‌, බෙලි පිලිලයක්‌, පාරද (රසදිය) ලිංගය, දෝනගිරි ශ්‍රී ශාකවර් පත්‍ර, සමුද්‍රයෙහි මීන මුක්‌ත, අමරකාඨතී, කාලිතුංබි නමින් හැඳින්වෙන මිනිසාගේ උපතක්‌ සමඟ ස්‌වභාව ධර්මය ඔහුට දායාද කොට දුන් වනෘෂධ හා ස්‌වභාවික වස්‌තූන් වලින් එකක්‌ ගෙන මේ මාත්‍රදී ජපවලින් 1008 වරක්‌ ජපකර ස්‌ථානයේ නැගෙනහිර, උතුර, ඊසාන දෙසින් තැන් තැන්පත් කර උදේ සවස පහන් දල්වා ස්‌තෝත්‍ර සඡ්ජායනා කර ඔබට ආයු, ධනය, සෞභාග්‍ය, භව භෝග, සැප සම්පත්, යස ඉසුරු හා වෙනත් විවිධ භාග්‍යයන් උදාකර ගන්න. එහෙත් අද වර්තමානය කරා එළැඹෙන විට නවීකරණ මාවතෙහි මේ වටිනා වස්‌තූන් ගිලිහීගොස්‌ කුබේර නමින් විවිධ නම්වලින් හඳුන්වන වාමන බහිරව රූපයන්ට පුද කරන්නට ගොස්‌ ආයු සංස්‌කාරය සඳහා මිනිසා සතුව තිබූ ශක්‌තියද බෙලහීනවී ගොස්‌ ඇත. මේනිසා අද මිනිසා කෘතිම ලෝකයෙහි කයින් සිතින් දෙකින්ම රෝගීව දුගීබවෙන් අතරමංවී සිටී. එයින් නිදහස්‌ව සෞභාග්‍ය ලැබ ධනසම්පත් ලැබ දියුණුව ලබාගැනීමට මෙම ක්‍රමයන් ඔබට ඵලදායිවෙති. පළමුව මස්‌මාංසාදියෙන් තොරව පහත් යයි සම්මත ක්‍රියාවෙන් වැළකී හඳුන්, හෙලඅබ, ගිතෙලින් අඹරා දුම්දී ගිතෙල් මිශ්‍ර කිරිබත් පුදා නෙළුම්මල්, පලවැල ආදිය තබා සුදුවතින් සැරසී මේ මන්ත්‍ර වලින් ජප කරගන්න.

සිඬි මන්ත්‍රය :

ඕං නම( ක්‍ෂිප්‍රං සෞභාග්‍ය ජනනී මනෝහාරී ගාන්ධර්ව මුඛ මුඛ රංජනී ශ්‍රී ධනලක්‍ෂමී ආගච් ආගඛ මට සර්වලාභං දෙහි දෙහි කුරු කුරු එසවාහඃ 1008 වරක්‌ කියවන්න.

ජප මන්ත්‍රය :

ඕං භ්‍රං භ්‍රං හරාං හරාං ආවේෂ කාමිනී හූං එට්‌ 51 වරක්‌ කියවන්න.

මෙසේ කියවා අබ, ගිතෙල්, ගුගුල් දමා හෝමකර මෙම ශ්‍රී ලක්‍ෂ්මී ස්‌ත්‍රෝත්‍රය වාරගණනක්‌ කියවන්න.

නමසේත සතු මායෙ – ශ්‍රී පීඨෙ සුර පූජිතෙ
ශංඛ චක්‍ර ගදා හෂතෙ – මහා ලක්‍ෂ්මී නමො ස්‌තුතෙ
සිද්ධි බුද්ධි ශ්‍රියා දේවී – භුක්‌ති මුත්ති ප්‍රදායිති
මන්ත්‍ර මූර්තෙ සදා ජීවී – මහා ලක්‍ෂ්ඹී නමොස්‌තුතෙ
ආද්‍යනතර හිතෙ දේවී – ආදී ශක්‌ති මහෙංඛරී
යොගජෙ යොග සංභූතේ – මහා ලක්‍ෂ්මී නමොස්‌තුතෙ
පද්මාසන ස්‌ථිතෙ දේවී – පරබ්‍රහ්ම ස්‌වරූපනී
පරමේශ ජගත් මාතා – මහා ලක්‍ෂ්මී නමොස්‌තුතෙ
සර්වමංගල ස්‌ත්‍රොත්‍රං – ශොක සන්තාප නාශනම්
හෂා නන්දකරං ශවද් – ධර්ම මොක්‍ෂ සුභාත්පදම්
ශවත පත්ම හසඨධාරී පද්මාසන යුක්‌තං
සත්‍යා වචනෙ කදම්බ අම්බුජ වනවාසං
කන්‍යා කන්දර චාමර සේවතචක්‍රං
වාසභූත ශ්‍රී ලක්‍ෂ්මී ප්‍රාණමංමිත

මෙසේ කියවා දින විසි එකකින් පසු යාචකයන් 21 දෙනකුට සිල්වත් උපාසකයන්ට 7 දෙනකුට කිරිබත් සමග පළවැල සහිතව දන් පුදන්න.

ඔබට ආයුෂ, සෞභාග්‍ය, ධනය, භවභෝග සැප, සම්පත් යස ඉසුරු හා තවත් ලැබීම් නොඅඩුව ලැබෙයි.

උපුටා ගැනීම දිවයින

Share With Your Friends.

Back
සබැදි වෙනත් ලිපි
සිකුරුගේ ඇල්ම බැල්ම ඇති ජීවන අංක 6
වෘෂභ ලග්නයෙන් උපන් කාන්තාවන් ගැනයි මේ
හයෙන් උපන්නෝ සක්විති කිරුළු දරන්නෝ
උදරයේ පිහිටීම අනුව ඇය හඳුනා ගනිමු
ඉදිරිය භයානකයි ඔබේ මන්ත්‍රය පාඩම් කරගන්න…
ස්ත්‍රීන්ගේ ශරීරාංගවලින් ඇගේ චරිතය
මෙන්න නිමිති ශාස්‌තරේ
කිරි හරක් දැක්කොත් ධන ලාභ
පක්‍ෂියා රජ කරන මොහොතේ ලොතරැයි අරගන්න ජය සිකුරුයි