Biz Log
Classifields
Biz Log
Classifields

මැයි 31 සිට ජුනි 06 දක්වා සතිය ඔබේ ලග්නයට කොහොමද?


මේෂ - ආර්ථිකය යහපත්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11, 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය : අලුත් හිතවත්කම්වලට මඟ සැලසුණත් ඒවා එතරම් දුරට පවත්වාගෙන යාමට අපහසුවන බවක් පෙන්නුම් කරයි. මුදල් වියදම් වැඩි කරන සතියකි. දුර බැහැර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී. ආර්ථික අතින් තරමක් දුරට යහපත් කාලයකි.

රැකියාව : සුළු සුළු රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට යොමුවන කාලයකි.

අධ්‍යාපනය : ධාරණ ශක්තිය බලවත් බැවින් හොඳ මතක ශක්තියක් ලබා දෙන සතියකි. කරදර බාධක යෙදුණත් ඉගෙනීමේ කටයුතු සාර්ථකව කරගෙන යෑමට හැකි වනු ඇත. ගණිත අංශයේ කටයුතුවලින් ජයග්‍රහණ ලබන කාලයකි.

සෞඛ්‍යය : ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.

  • අය 06 වැය 05
  • ජය අංකය - 09
  • ජය වර්ණය - කහ
  • සුබ දවස - බ්‍රහස්පතින්දා

වෘෂභ - දියුණුවට විශේෂ පියවර

යම් යම් අපහසුතා කීපයක් පැන නැඟෙන සතියක් වන අතර, මේ සතියේ සඳු 10, 11, 12, 1 යන භාවයන් මතින් සඳු ගමන් කරයි.

ගෘහ ජීවිතය : අසරණ කෙනකුට ඇප උපස්ථාන කිරීමට කටයුතු සැලසෙන කාලයකි. රහස් රැකීමට දක්ෂය. ගුප්ත ශාස්ත්‍රය කෙරෙහි ඇල්මක් දක්වන අතර ඒවායෙන් පල ප්‍රයෝජන ලබාගන්නා බවක් පෙනේ. දියුණුව සම්බන්ධ විශේෂ පියවර කීපයක් ගන්නා කාලයකි. උසස් අයගේ ඇසුරට ලක්වන සතියකි.

රැකියාව : රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවහිරතා කීපයක් මඟ හැරී යයි. ස්වයං රැකියා කටයුතු ඉතා සාර්ථක ලෙස කරගෙන යන කාලයකි. ආරක්ෂක අංශයේ රැකියා කටයුතුවලින් තනතුරු උසස්වීමක් සිදුවීමට ඉඩ ඇත.

අධ්‍යාපනය : උනන්දුවෙන් උද්‍යෝගයකින් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙනේ. පොත් පත් කියවීමට දැඩි රුචිකත්වයක් දක්වයි. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටු වීමට අවස්ථාව සැලසෙන සතියකි.

සෞඛ්‍යය : වරින් වර මතු කරන සෙම් දෝෂ පපුව ආශි‍්‍රත ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වන සතියකි.

  • අය 06 වැය 05
  • ජය අංකය - 03
  • ජය වර්ණය - කහ
  • සුබ දවස - බ්‍රහස්පතින්දා

මිථුන - අමතර ලැබීම්

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය : විශ්වාසවන්ත බැඳීමකට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. හදිසි තීරණයක් වෙනස් කිරීමට සිදුවෙයි. පුණ්‍ය කටයුතු වෙනුවෙන් වැඩිපුර කාලය සහ ශ්‍රමය වැය කිරීමට සිදුවේ. අමතර ලැබීම් සහිත කාලයකි.

රැකියාව : විදේශ රැකියාවක් කෙරෙහි සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. රැකියාවේ කටයුතු සඳහා වෙනදාට වඩා උනන්දුවක් දක්වන අතර මෙතෙක් අතපසුව පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.

අධ්‍යාපනය : මෙතෙක් ගැටලුකාරී ලෙස කරගෙන ගිය පාඩම් වැඩ කටයුතු කීපයක් සාර්ථක ලෙස කර ගැනීමට හැකිවන කාලයකි. අලුත් භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසක් දරන බවක් පෙනේ. සාහිත්‍ය කලා අංශය කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි.

සෞඛ්‍යය : නින්ද නොයාම අඩුවීම, ඇඟේ පතේ වේදනාව වැනි ශාරීරික අපහසුතා මතු කරයි. හදිසි අජීර්ණ ආබාධයක් මතුවිය හැකි කාලයක් බැවින් කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න.

  • අය 07 වැය 05
  • ජය අංකය - 04
  • ජය වර්ණය - කොළ
  • සුබ දවස - බ්‍රහස්පතින්දා

කටක - වගකීම් බහුල වෙයි

තම වාසිය වෙනුවෙන් කටයුතු කීපයක් සිදුකර ගන්නා සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය : දුරදිග බලා තීරණ ගන්නා කාලයකි. වංචා රැවටිලිවලට හසු නොවන අතර, යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අසාධාරණ වැඩවලට විරුද්ධව කටයුතු කරන බවක් පෙනේ. සහෝදර සහෝදරියන් සමඟ සමීපව කටයුතු කිරිමට අවස්ථාව සැලසේ.

රැකියාව : හවුල් ව්‍යාපාර කටයුතුවලින් සාර්ථක ප්‍රතිපල අත් කරයි. රජයේ රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායක බවක් පෙන්නුම් කරයි. එමෙන්ම වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියකි.

අධ්‍යාපනය : ඥාන ශක්තිය වැඩිදියුණු වන අන්දමේ කටයුතු කීපයකටම සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. සහජ දක්ෂතා ඉස්මතු වන කාලයකි. පාසල් වැඩකටයුතු අතර කැපී පෙනෙන බවක්ද ගම්‍යමාන වේ.

සෞඛ්‍යය : සහකරු හෝ සහකාරියට රෝග පීඩා ඇතිවිය හැකි කාලයකි. සුළු සුළු වැටීම් තැලීම්වලටද ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරයි. සෙම් පීඩා බහුල කාලයක් බැවින් ජලයෙන්, කෑමෙන් පරිස්සම් වන්න.

  • අය 06 වැය 03
  • ජය අංකය - 06
  • ජය වර්ණය - රතු
  • සුබ දවස - බදාදා

සිංහ - උසස් අයගේ ඇසුර

උත්සාහවන්තව කටයුතු සිදු කරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය : කැපී පෙනීමට ප්‍රසිද්ධියට කැමැති කාලයකි. උසස් අයගේ ඇසුරට වැඩි කැමැත්තක් දක්වන බවක් පෙනේ. එහෙත් අසල්වාසී සුහදතාවයට බාධා ඇති කරයි. කලබල වී තීරණ ගැනීම තමාට අවාසි සහගත තත්ත්වයක් ඇති කරයි. ප්‍රේම සබඳතාවයකට වැඩිහිටි ආශිර්වාදය හිමිවන කාලයකි.

රැකියාව : රැකියාවේ කටයුතු ක්‍රමානුකූලව කරගෙන යන බවක් පෙනේ. කලා ක්ෂේත්‍රයේ රැකියා කටයුතුවලට වැඩි පි‍්‍රයතාවයක් දක්වන සමයකි. එමෙන්ම තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි.

අධ්‍යාපනය : අතපසු වූ පාඩම් වැඩකටයුතු කීපයක් සාර්ථක කරගැනීමට හැකිවෙයි. තාක්ෂණික අංශයේ කටයුතුවලට දැඩි පි‍්‍රයතාවයක් දක්වයි. කණ්ඩායම් වැඩසටහන්වලදී නායකත්වයක් ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.

සෞඛ්‍යය : ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. පාදයේ හටගන්නා ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන අතර රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

  • අය 06 වැය 05
  • ජය අංකය - 07
  • ජය වර්ණය - දම්
  • සුබ දවස - ඉරිදා

කන්‍යා - හදිසි මුදල් හුවමාරුවක්

බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය : විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදුකරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන කාලයකි. පවුලේ වගකීමක් තමා වෙත පැවැරීමට ඉඩ ඇත. හදිසි මුදල් හුවමාරුවකට කටයුතු සැලසේ. විවාහ පාර්ශ්වයෙන් ලැබීම් හිමිකම්වලට ඉඩ ඇති කාලයකි.

රැකියාව : රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියක් හිමි කරයි. ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. අලුත් ව්‍යාපාරයකට සම්බන්ධවීමට ඉඩකඩ ඇති බවක් පෙනේ. තනතුරු වෙනසක් හෝ ස්ථාන වෙනසක් සිදුවිය හැකි කාලයකි.

අධ්‍යාපනය : උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දෙන කාලයකි. පොත්පත් මිලදී ගැනීම වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි. කලා අංශයේ කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වීමට කරුණු ඇති කරයි.

සෞඛ්‍යය : ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. උෂ්ණාධික රෝග මූත්‍ර රෝග ආදිය හටගැනීමට ඉඩ ඇති බවක් පෙනේ. හදිසි වැටීම් තැලීම් ආදියෙන් අනතුරු සිදුවිය ඇති බැවින් කල්පනාකාරී වන්න.

  • අය 07 වැය 05
  • ජය අංකය - 09
  • ජය වර්ණය - කොළ
  • සුබ දවස - සිකුරාදා

තුලා - වගකීම් වැඩි වේ

විශේෂ සැලසුමකට සූදානමක් ඇති කරමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය : වෙනදාට වඩා වගකීම් වැඩි කරයි. නිතර සමාජ සේවා කටයුතුවලට යොමුවන කාලයක් වන අතර ප්‍රසිද්ධියට පත්වීමට හේතු ඇති කරන බවක්ද පෙන්නුම් කරයි. ප්‍රේම සබඳතා සාර්ථක වන කාලයකි. අමතර ලැබීම් හිමි කරන කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව සැලසේ.

රැකියාව : රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වෘත්තීය කටයුතු එක දිගට කරගෙන යාමට සිත් නොදෙන බවක් පෙනේ. ජලාශි‍්‍රත රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය : උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි. උසස් අධ්‍යාපනයට බාධා පැමිණියත් උනන්දුව උත්සාහය මත කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.

සෞඛ්‍යය : නිතර ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙහෙසෙන කාලයකි. ක්‍රීඩා හා ව්‍යායාම්වලින් සෞඛ්‍යය රැක ගැනීමට වෙහෙසක් දරයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු සතියකි.

  • අය 06 වැය 04
  • ජය අංකය - 03
  • ජය වර්ණය - තැඹිලි
  • සුබ දවස - සඳුදා

වෘශ්චික - විභාගවලින් ජය

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරී බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය : වගකීම් බහුලවන කාලයකි. ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර පැවැති ප්‍රේම සබඳතාවයකට වැඩිහිටි ආශිර්වාදය හිමි කරයි. වාහන ගනුදෙනුවකට ඉඩකඩ ඇති සතියකි.

රැකියාව : රැකියාවේ කටයුතු උත්සාහයෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. අණදෙන ක්ෂේත්‍රයේ පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. තනතුරු මාරුවක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

අධ්‍යාපනය : නව දැනුම සොයා යන මාර්ගවලට යොමුවන කාලයකි. අලුත් අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදා කරයි. නීති ක්ෂේත්‍රයේ අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්වීමට හැකිවන සතියකි.

සෞඛ්‍යය : ශරීර සෞඛ්‍යය අතින් යහපත් කාලයකි. පැවැති රෝගාබාධයකින් සුවය හිමි කරයි. එහෙත් වරින්වර පපුව පෙණහැල්ල ආශි‍්‍රත ආබාධ මතුවිය හැකි කාලයක් බව පෙනේ.

  • අය 06 වැය 04
  • ජය අංකය - 07
  • ජය වර්ණය - දම්
  • සුබ දවස - බදාදා

ධනු - දුර ගමනක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට වෙහෙසක් දරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය : නිතර තමා යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු බව පෙනේ. වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදු කරයි. පැරැණි හිතවතකු හමුවීමට කටයුතු සැලසෙන සතියකි. දුර ගමනක් පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් යෙදෙයි.

රැකියාව : රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් බහුලවන බවක් පෙනේ. එමෙන්ම රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වීමට හේතු සැලසේ. තනතුරු වෙනසක් හෝ ස්ථාන වෙනසක් සිදුවීමට ඉඩ ඇති කාලයකි.

අධ්‍යාපනය : ඉගෙනීමට ආශාවක් දක්වයි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවෙයි. ගණිත අංශයේ කටයුතුවලින් ජයග්‍රහණ හිමි කරයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගන්නා බවක් පෙනේ.

සෞඛ්‍යය : ශරීර සෞඛ්‍යය ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. ආහාර පාන විෂවීමක් හෝ අජීර්ණයක් හේතුවෙන් පීඩා අත් කරයි. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වන්න.

  • අය 07 වැය 05
  • ජය අංකය - 04
  • ජය වර්ණය - කහ
  • සුබ දවස - සිකුරාදා

මකර - කැපී පෙනීමට කැමැති කාලයක්

අවිවේකී ලෙස සතිය උදා කරන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය : ගෘහ ජීවිතයේ වගකීම් බහුල කරන බවක් පෙනේ. ශාරීරික වෙහෙසීම් බහුලවන කාලයකි. වෙනදාට වඩා අතමිට සරු වුවත් වැයපස අධික කරන බවක් පෙනේ. කැපී පෙනීමට ප්‍රසිද්ධියට කැමැති කාලයකි. උසස් තත්ත්වයක් ඇති අය ඇසුරු කිරීමට කටයුතු සැලසේ.

රැකියාව : රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ උනන්දුවක් දක්වන කාලයකි. සෞන්දර්යාත්මක රැකියා කටයුතුවලට වඩාත් පි‍්‍රයතාවයක් දක්වයි. එමෙන්ම විසිතුරු භාණ්ඩ අලෙවිය වැනි ස්වයං රැකියා කටයුතුවල ද නිරතවන බවක් පෙනේ.

අධ්‍යාපනය : ගැටලුකාරී ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතුවලට පැවැති බාධාකාරී බව මඟහැරී යන බවක් පෙනේ. අලුත් අලුත් දේ ඉගෙනීමට උත්සාහ දරන බවක් පෙනේ. උසස් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට සුබදායකවේ.

සෞඛ්‍යය : ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. ශරීර අභ්‍යන්තරයේ සිදුවන අසනීපකාරී බවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකටද මුහුණ පෑමට සිදුවන සතියකි.

  • අය 06 වැය 04
  • ජය අංකය - 02
  • ජය වර්ණය - තැඹිලි
  • සුබ දවස - බ්‍රහස්පතින්දා

කුම්භ - මවු පාර්ශ්වයෙන් උපකාර

මෙතෙක් මඟහැරී තිබූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2, 3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය : අවිවේකී බවක් ඇති වුවත් යොදාගත් සැලසුමක් සාර්ථක කර ගැනීමට හැකිවන බවක් පෙනේ. ඉඩකඩම් දේපළ ගැටලුවක් විසඳා ගැනීමට හැකිවන සතියක් වන අතර, මවු පාර්ශ්වයෙන් වාසි සැලසෙන බවක් ද පෙන්නුම් කරයි. දුර බැහැර ගමනකට කටයුතු යෙදේ.

රැකියාව : ආර්ථික අතින් උසස් තත්ත්වයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. හදිසි තනතුරු ලාභයකටද හිමිකම් ඇති බවක් පෙනේ. රැකියා ස්ථිරවීමක් අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන කාලයකි.

අධ්‍යාපනය : පොත්පත් කියවීමට දැඩි රුචිකත්වයක් දක්වන කාලයකි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. උසස් අධ්‍යාපන කටයුත්තක් සඳහා දුර පළාතකට යාමට සිදුවන සතියකි.

සෞඛ්‍යය : ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයකි. එමෙන්ම අධි රුධිර පීඩන තත්ත්වය කෙරෙහි සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරයි.

  • අය 06 වැය 04
  • ජය අංකය - 09
  • ජය වර්ණය - රතු
  • සුබ දවස - ඉරිදා

මීන - ගනු දෙනු වලින් වාසි

වගකීමකින් නිදහස අත් කරමින් සතිය ආරම්භ කරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය : ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි. දුර ඥාතියකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. නිතර සමාජ සේවා කටයුතු වල නිරතවන අතර ප්‍රභූ අය සමඟ ඇසුරට ද අවස්ථාව සැලසේ. ගනු දෙනු වාසියක් සිදුවිය හැකි බවක් පෙනේ.

රැකියාව : රැකියාවේ වගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. එමෙන්ම තනතුරු වෙනසකටද අවස්ථාව ඇති කරයි. අලුත් ව්‍යාපාරයකට අතගැසුවත් එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය : තරගකාරී අධ්‍යාපන කටයුත්තකින් විශේෂ ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකි කාලයකි. එමෙන්ම ශාස්ත්‍රීය කටයුත්තකින් ප්‍රසිද්ධියට පත්වීමට හේතු ඇති කරයි. මඟහැරී තිබූ පාඩම් වැඩකටයුතු කීපයක් සම්පූර්ණ කර ගැනීමට හැකිවන බවක් පෙනේ.

සෞඛ්‍යය : පැවැති අසනීපයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් වැළැකී සිටීම යහපත්ය.

  • අය 08 වැය 05
  • ජය අංකය - 06
  • ජය වර්ණය - රතු
  • සුබ දවස - සිකුරාදා

උපුටා ගැනීම සුබසෙත පුවත්පත