Biz Log
Classifields
Biz Log
Classifields

නායකයෙක් වෙන්න ඕනෙද

සෑම පුද්ගලයකු තුළම නායකත්ව ලක්‍ෂණ ඇත. ජේ‍යාතිෂයේ හඳුන්වන මහා පුරුෂ යෝග යනුවෙන් දැක්වෙන්නේ මේ ලක්‍ෂණයන්ය. ඒ මහා පුරුෂ යෝග යනු සස යෝගය, රුචක යෝගය, මාලවී යෝගය, භද්‍රා යෝගය, ගුරුහංස යෝගයය.

ඇතැම් අයගේ මේ යෝග එකකුදු නැති වුවත් ඇතැමුන්ගේ මේ යෝග දෙකක් හෝ තුනක් පවතී. ඇතැම් විට මේ යෝග පහම ඇති පුද්ගලයෝ අපට හමුවේ. මෙයින් විශේෂයෙන්ම “රුචක” යෝගය ඇත්තන් කෙසේ හෝ නායකත්වයට එළැඹේ. ඔවුන් නායකත්වය බලාපොරොත්තු වන්නෝය. කුඩා කණ්ඩායමක හෝ නායකයකු වන්නට ඔවුහු සමත්ය. එසේම ඔබේ ජන්ම පත්‍රයේ ඇති “හෝරා අධිපති” කවුදැයි වැදගත්ය. චන්ද්‍ර හෝරාව හෝ රවි හෝරා අධිපතීන් දෙදෙනාගෙන් “රවි” හෝරා අධිපතියා ලෙස දැක්වෙන පුද්ගලයන්ට නායකත්වය උරුම වේ. එසේම පහත සඳහන් ලෙස ග්‍රහ පිහිටීම් හෝ ග්‍රහ සංයෝග ඇති වීම කුමන හෝ ලෙසක නායකත්වයට උරුමකම් පෙන්වීමකි.

• හයවැන්නේ “කුජ” ගෝචර වීම • සඳු තුලා රාශියේ ගෝචර වීම • රවි ලග්නස්ථානයේ ගෝචර වීම • රවි තුන්වැන්න, හය වැන්න, දසවැන්න, ‍ෙදාළහ ස්ථානයක ස්ථානගත වීම. • ලග්නාධිපති නව වැනි රාශියේ සිටීම • රාහු හයවැන්නේ සිටීම • ගුරු කටක රාශියේ සිටීම • ගුරු සිංහ රාශියේ සිටීම • ග්‍රහ සංයෝගද වැදගත්ය. • රවි - ගුරු සංයෝගය • චන්ද්‍ර - ශනි සංයෝගය • කුජ - බුධ සංයෝගය • කුජ - ගුරු සංයෝගය • බුධ - ශනි සංයෝගය • ගුරු - ශනි සංයෝගය • ශුක්‍ර (සිකුරු) - ශනි සංයෝගය • චන්ද්‍ර - බුධ - ශනි සංයෝගය • බුධ - ගුරු - ශුක්‍ර සංයෝගය • රවි - චන්ද්‍ර - ගුරු - ශුක්‍ර සංයෝගය • රවි - කුජ - බුධ - ගුරු සංයෝගය • රවි - කුජ - බුධ - ශනි සංයෝගය • රවි - කුජ - ගුරු - ශුක්‍ර සංයෝගය • රවි - කුජ - ගුරු - ශනි සංයෝගය • රවි - ගුරු - ශුක්‍ර - ශනි සංයෝගය • චන්ද්‍ර - බුධ - ශුක්‍ර - ගුරු සංයෝගය • චන්ද්‍ර - බුධ - ගුරු _ ශනි සංයෝගය • රවි - චන්ද්‍ර - බුධ - ගුරු - ශුක්‍ර සංයෝගය • රවි - චන්ද්‍ර - බුධ - ගුරු - ශනි සංයෝගය

මේ පිහිටීම් කෙසේ වෙතත් ඔබට පාතාල නායකයන් හා හිඟන කණ්ඩායම් නායකයන් ගැනද අසන්නට ලැබී ඇත. මේ ලෙස පිහිටන සංයෝගයන් නායකත්වයට හේතුවේ. ඒත් රාහු මහ දසා කාලවල මේ නායකත්වයට හානි පැමිණේ. ඔබට නායකත්වය උරුමද ඒ සඳහා ඔබ සුදුසුද ඔබගේ නායකත්වය රැකගත හැකිද මේ සියල්ලට පිළිතුරු ලැබෙන්න ඇතැයි සිතමි.

විශ්‍රාමලත් විදුහල්පති (විශ්ව කීර්ති ජ්‍යෝතිෂ විද්‍යා ප්‍රසාදිනි) පේරාදෙණියේ එස්. වීරරත්න [ 0727430179 ]

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Share This Article

ලග්නයේ රවි සිටියදී උපන්නොත් මැරෙන්නෙ ගැහැනියක් නිසාලු

ජන්ම පත්‍ර පරීක්‍ෂාවේදී ඉතාමත්ම සුපරික්‍ෂාකාරීව කළ යුතු වන්නේ ආයුෂ පිළිබඳ සලකා බැලීමයි. කොතෙක් රූප සම්පත්තිය ඇතත්, වස්තුව ඇතත්, ආයුෂ හීන පුද්ගලයාගෙන්...

ගැහැනු ගති ගැන චන්ද්‍රයා කියන තතු

ජන්ම පත්‍රයක නව ග්‍රහයන් අතරින් රවි හා සඳු ප්‍රධානම හා වැදගත්ම ආලෝක ග්‍රහයන් දෙපළ ලෙස අප ජේ‍යාතිෂයේදී හඳුන්වනු ලබනවා. මේ අතරින්...

ලග්නය තරමටම වැදගත් නවාංශකය

අපගේ ජන්ම පත්‍රයේ නැතිනම් හඳහනේ රාශි 12කින් යුත් කොටු 2ක් දක්නට ඇත. එය ලග්නය හා නවාංශකය ලෙසින් අප හඳුන්වන්නේය. නමුත් අප...

අඟහරු 7 හිටියොත් කසාදය ඉවරද?

ග්‍රහ ලොවේ සෙන්පති ලෙසින් හැඳින්වෙන අඟහරු මංගල, භ්‍රාම කෘෘර, අංගාර, අංගාරක, රක්ත ආවනේය, භූමිසුක යන පර්යාය නාමවලින් හඳුන්වනු ලබන අතර පුරාණ...

බුධ වෙනත් ග්‍රහයකු සමඟ සංයෝග වූ විට

සෞරග්‍රහ මණ්‌ඩලයේ බුද්ධිකාරක සුරතලා වශයෙන් ජ්‍යෙතිෂයේදී හඳුන්වනු ලබන බුධ ට අස්‌ලිස, දෙට, රේවතී යන නැකැත් හා මිථුන, කන්‍යා යන රාශිවලට අධිපතිව...

කසාද කඩන මරයෝග විසිපොරොන්දම් ගැලපුණත් විවාහය අවුල්

විවාහය ජීවිතයේ දෙවැනි ඉපදීම යැයි සැලකේ. විවාහය එක් වරක් පමණක් සිදුවන අතර දෙවරක් විවාහ වන අය බොහෝ අඩුය. ඇතැම් විවාහ දික්කසාදවලින්...