Biz Log
Classifields
Biz Log
Classifields

සඳු නීච වීම විවාහයට බලපාන අයුරු


පුරුෂයකුගේ ජන්ම පත්‍රයක සඳු නීච වීමට වඩා’ කාන්තාවකගේ ජන්ම පත්‍රයේ සඳු නීච වීම විවාහය සඳහා ඍණාත්මකව බලපෑමට ඉඩ ඇත. එනම් නීච සඳුගේ බලපෑම විවාහ ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. තමන්ට මුණගැසුණු සහකරු තමන් සමග රැඳී නොසිටීමට ද විවිධාකාර ගැටලු මත ප්‍රේම සබඳතා කැඩී බිඳී විසිරී යෑමට ද විවාහය සම්බන්ධ විවිධාකාර රැවටිලිවලට හසුවීමට ද ඉඩ ඇත. විශේෂයෙන් මෙම තත්ත්වයන් වර්ධනය වන්නේ තවත් පාප සංයෝග ලදවිට ය.

මවකගේ දයාව, කරුණාව විදහා දක්වන සඳු විවාහය කෙරෙහි ද ඍජුව ම බලපෑම් කරනු ලබයි. විශේෂයෙන් කාන්තාවකගේ විවාහය සඳහා සඳුගේ බලපෑම අතිශයින්ම වැදගත් වේ. වෘෂභ රාශියේ උච්චභාවයට පත්වන සඳු වෘශ්චික රාශියේ දී නීච වේ. සඳුගේ නීචභාවය වඩාත් අශුභ ඵල උදාකරනු ලබන්නේ කාන්තාවන්ටය.

කාන්තාවක් සතු ලාලිත්‍ය, මෘදු මොළොක් භාවය, සුන්දරත්වය තව තවත් ඔප්නංවන සඳු මෙහිදී කටයුතු කරනු ලබන්නේ ඊට හාත්පසින්ම වෙනත් භූමිකාවකි. එනම් කාන්තාවකගේ රූප ශෝභාව වර්ධනය කිරීම, සරාගී හැඟීම් පුබුදු කිරීම, කාමාශාව වර්ධනය කිරීම සම්බන්ධයෙන් සඳුගේ බලය අතිශයින්ම වැදගත්ය. නමුත් ජන්ම පත්‍රය තුළ නීච භාවයට පත් සඳු මෙම සාධක කෙරෙහි ඍණාත්මක තත්ත්වයක් ඇති කරනු ලබයි.

නමුත් ජන්ම පත්‍රය තුළ සඳුගේ නීච භාවය අනෙකුත් ග්‍රහ බලපෑම් මත වෙනස්ව ඇත්නම් එම තත්ත්වයන් වෙනස් වීමට ද පුළුවන. එනම් නීච භංග තත්ත්වයට පත්වන සඳු ජන්මියා කෙරෙහි ඍණාත්මක ප්‍රතිඵල බොහෝ දුරට ඇති නොකරයි. නමුත් මෙම තත්ත්ත්වයන් සාපේක්ෂ බව ද අප වටහා ගතයුතුය. එසේ ම රාහුගේ කේතුගේ පාප දෘෂ්ටි ලදහොත් මෙම තත්ත්වයන් තවත් වර්ධනය කිරීමට ද බලපානු ලබයි.

පුරුෂයකුගේ ජන්ම පත්‍රයක සඳු නීච වීමට වඩා’ කාන්තාවකගේ ජන්ම පත්‍රයේ සඳු නීච වීම විවාහය සඳහා ඍණාත්මකව බලපෑමට ඉඩ ඇත. එනම් නීච සඳුගේ බලපෑම විවාහ ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. තමන්ට මුණගැසුණු සහකරු තමන් සමග රැඳී නොසිටීමට ද විවිධාකාර ගැටලු මත ප්‍රේම සබඳතා කැඩී බිඳී විසිරී යෑමට ද විවාහය සම්බන්ධ විවිධාකාර රැවටිලිවලට හසුවීමට ද ඉඩ ඇත. විශේෂයෙන් මෙම තත්ත්වයන් වර්ධනය වන්නේ තවත් පාප සංයෝග ලදවිට ය.

නමුත් හත්වැන්න, හත්වැන්නාධිපති, හත්වැන්නට කාරක ග්‍රහයා, නැකැත්පති ආදි සාධක මත මෙම තත්ත්වයන් වෙනස් වීමට ද පුළුවන. එසේම නීච සඳු සත්වැන්නේ සිටිනවිට හෝ සත්වැන්නට දෘෂ්ටි ලැබෙනවිට මෙම තත්ත්වයන් තීව්‍ර කරනු ලබයි. නමුත් නවාංශකය තුළ සඳුගේ නීච භාවය පහව ගොස් යම් උච්ච, ස්වක්ෂේත්‍ර බලයකින් යුක්ත නම් මෙම ඍණාත්මක සාධක ජන්මියා කෙරෙහි බලාත්මක නොවීමට ද ඉඩ ඇති බැව් කිසිසේත් අමතක කළ නොහැක.

අප දන්නා ගුරුවරියකගේ චන්ද්‍රයා අට අධිපති වී දොළොස් වැන්නේ නීච භාවයට පත්වීම තුළ විවාහය බොහෝ කාලයක් ප්‍රමාදය විය. එසේම අප ජන්ම පත්‍ර පරීක්ෂා කළ එක් වෛද්‍යවරියකගේ ද චන්ද්‍රයා දෙවැන්නේ නීච භාවයට පත්ව වයස තිස්පහ පසු වනවිටත් විවාහ වීමට නොහැකි තත්ත්වයක් උදාව පැවතුණි. අප අධ්‍යයනය කළ රජයේ ආයතනයක මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියකගේ ද කේන්ද්‍රයේ සඳු නීච ව පැවතුණි. නමුත් ඇයගේ හත අධිපති, බලවත්ව පිහිටියේය. සිකුරුගෙන් මාලවී යෝගය ද උදාව පැවතුණි. තවත් ප්‍රබල ග්‍රහයෝග පැවතුණි. ඇය විවාහ වූයේ වයස 25 දී ප්‍රේම සම්බන්ධතාවයකිනි. ඇය අද යහපත් පවුල් ජීවිතයක් ගත කරයි. අප ජන්ම පත්‍ර පරීක්‍ෂා කළ තවත් ගුරුවරියකගේ ජන්ම පත්‍රය තුළ ද සඳු නීචව පැවතුණි. නමුත් ඇයගේ කේන්ද්‍රයේ ගුරු ස්වක්ෂේත්‍රව සත්වැන්නේ පිහිටා තිබුණි. ඇයගේ ජන්ම පත්‍රයේ නවාංශකයේ සඳු නීචභාවයෙන් මිදී මිත්‍රභාවයේ පිහිටා තිබුණි. නමුත් ඇයගේ විවාහය ද ප්‍රමාද ව නැත. ඇය වයස විසි හයේදී විවාහ දිවියට පත්ව තිබුණි. ඇයගේ විවාහ ජීවිතය ද යහපත් ය.

මේ ආකාරයට ප්‍රායෝගිකව ජන්ම පත්‍ර බොහෝ සංඛ්‍යාවක් විමසා බලනවිට අපට පෙනී ගිය කරුණක් වන්නේ සඳුගේ නීචභාවය විවාහය සම්බන්ධ කරුණු කාරණාවලදී ඍණාත්මක බලපෑමක් දක්වන බවය. නමුත් සත්වැන්න, සත්වැන්නට අධිපති ග්‍රහයන්ගේ බලවත් භාවය මත ඉහත ඍණාත්මක සාධක වෙනස් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවය.

එසේම යම් කාන්තාවකගේ ජන්ම පත්‍රයේ සඳු නීච නම් ඇයට ප්‍රේම සම්බන්ධතා සම්බන්ධ ගැටලු ඇත්නම්, විවාහය ප්‍රමාද නම් සඳු ග්‍රහයාට අදාළ ශාන්තිකර්ම කිරීම තුළ මෙම තත්ත්වයන් ගෙන් යම්තාක් දුරකට හෝ ඇයට අස්වැසිල්ලක් ලැබීමට පුළුවන. කාන්තාවන්ට පිහිට සලසන, විවාහ ගැටලු සඳහා ද පිළියම් සපයන, සඳුට අධිපති, සත්පත්තිනි දේව මෑණියන් උදෙසා නිති පින් දහම් කොට පින් පෙත් අනුමෝදන් කිරීම මෙහිදී වඩා වැදගත් වෙයි. එහිදී නවගමුව පත්තිනි දේවාලයට ගොස් පත්තිනි මෑණියන් උදෙසා බාරහාර වීම ද වඩා වැදගත් වෙයි. තමන් ගතකරන ප්‍රතිපත්තිගරුක ජීවිතය තුළින් ද තමන්ට නිති ආශිර්වාදයක් සැලසේ. මෙහිදී සඳු නියෝජනය කරන පුන් පොහෝය දිනයක පෙහෙවස් සමාදන්වී පත්තිනි මෑණියන් උදෙසා පුණ්‍යානුමෝදනාවක් කිරීම ද වඩාත්

ප්‍රායෝගිකය. අපල සඵල කර ගැනීම අප තුළ ම ඇත. මෙවැනි පින් දහම්කොට මෙම ආශිර්වාදයෙන් තමන්ට යහපත් විවාහයක් සලසා දෙන ලෙස සමස්ත විශ්වයෙන් ද තමන්ට උදව් උපකාර කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා ගෙන් ද ඉල්ලා සිටීම වඩාත් වැදගත් වෙයි.

මේ නිසා ගැටලුව හරි හැටි හඳුනාගෙන එයට ප්‍රතිකර්ම සැපයීම තුළින් යහපත් ජීවිතයකට මාවත අපට ම සලසා ගතහැකිය. එහිදී ජ්‍යොතිෂය ඔබට ආශිර්වාදයක්ම වනු ඇත.

චසිත නුවන්තික බුලත්සිංහල
ශාස්ත්‍රපති, මනෝවිද්‍යා උපදේශක, වාස්තු උපදේශක, ජෝතිෂ්‍ය, MA – (kelaniya University) PGDC(counselling Colombo University) BA -(Sri Jayawardenapura University) 0777 95 7700

උපුටා ගැනීම දිවයින