Biz Log
Classifields
Biz Log
Classifields

එයාට වඩා ඔයා කැතයි නම් මෙන්න හේතුව…

ලෝකයේ සියල්ලන්ම එක හා සමාන නොවේ. එය ලෝක ස්වභාවයයි. කෙනකු ලස්සන වෙද්දී තව කෙනකු විරුපී වෙයි. තවත් කෙනකු යහපත් ගතිගුණයන් උරුමකර ගන්නා විට කෙනකු දුදන නරක ගුණයන් පෙන්වයි. මේ ලෝක ස්වභාවය ඉබේ සිදුවන්නක් නොවේ. ඊට බලපාන ප්‍රධාන සාධක රාශියකි. තමන් පෙර භවයන්හි කළ පින් පව් අනුව මේ භවයේ සියල්ල තීරණය කෙරෙන බැවින් ඉහත කාරණාද ඒ හා සමගාමීව සිදුවන බව දත යුතුය. එහෙයින් ඔබ විරූපී වෙද්දී තවකෙකු සුරූපී වී නම්, ඒ බවත් ඊට හේතු වුණු සාධකත් කේන්දරයේ පැහැදිලිව සටහන්ව ඇති බව වටහාගත යුතුය.

ජන්මියකුගේ වාග් ශක්තිය පෙන්වන්නේ කේන්දරයක දෙවැන්නෙන් බව ශාස්ත්‍රීය නියමයයි. දෙවැන්නෙහි බල දුබලතා අනුව කට, දත්, වචනද හුරුවේ. දෙවැන්න පාප පීඩිත වීම, දෙවැන්නාධිපති දුර්වල වීම හා බුධ දුර්වලව පිහිටීම නිසා වාග් ශක්තිය අතින් දුර්වලතා ඇතිවනු ඇත.

විශේෂයෙන්ම බුධ නීච වීම 6,8,12 වැනි දුෂ්ට ස්ථානගත වීම නිසා ගොතගසන බවක් හෝ දුබල කටහඬක් ඇතිවනු ඒකාන්තය. ජන්ම පත්‍රයක දෙවැන්නෙන් කතාව පමණක් නොව ඇස් පෙනීම, ධනය, මුහුණ කට, මරණය, යුග දිවියෙන් පසුව දිවි පෙවෙත පිළිබඳ තොරතුරුද අනාවරණ කළ හැකිය. වාග් චාතුර්යය විමර්ශනය කිරීමේදී දෙවැන්න පමණක් නොව 6 හා 10 පිළිබඳවද සෙවිය යුතුය.

දෙවැන්නෙන් කතාව ගැනද, 6 වැන්නෙන් සතුරන් ගැනද, 10 වැන්නෙන් ක්‍රියාකාරී ස්වභාවය ගැනද පෙන්නුම් කෙරෙන අතර, ජීවිතයක අපූර්වතම තොරතුරු රැසක් මෙයින් පැවැසිය හැකිය. සතුරන් මිතුරන් ඇතිකර ගැනීම, නොගැනීම යමෙකුගේ කතාව අනුව පවතින්නේය. එසේම වචන අනුව ක්‍රියාවද, ක්‍රියාව අනුව වචනයද හැඩ වැඩ වෙයි.

දෙවැන්නේ පූර්ණ චන්ද්‍රයාගේ පිහිටීමෙන් දර්ශනීය මුහුණක් ඇතිවීමටත්, බුධ දෙවැන්නේ සිටීමෙන් තර්කානුකූලව කතාකිරීමටත්, විහිළු තහළුවලට හා සිනහ ප්‍රිය කරන ශාන්ත හැඟීම් ඇතිකිරීමටත් සමත් වෙයි. දෙවැන්නේ සෞම්‍ය ග්‍රහයන් සිටීම කාන්තාවකට ඉතා යහපත්ය. රාහු කේතු දෙවැන්නේ සිටීම දත් විශාල වීමට හෝ විරූපී ලෙස පිහිටීමට හේතු වෙයි. කටක, වෘශ්චික, මීන යන රාශි දෙවැන්න වී එහි කේතු සිටීම ගොළු බව ඇතිකරන පිහිටීමකි.

බලවත් ග්‍රහයන්ගේ ග්‍රහ දෘෂ්ටිවලින් පෝෂණය වීම නිසා වචනවල ගැඹුරු බව හා තේජස් බවක් ඇතිවීම ස්වභාවිකය. කතාවද, අණ දෙන ස්වභාවයක් ගනු ඇත.

සංවිධාන ශක්තිය, පාලන ශක්තිය හා උපදෙස් අනුශාසනා පැවැත්වීම ආදිය මෙයින් ඇතිවන ස්වභාවයයි. රවි, කුජ දෙවැන්නේ යෝගකාරකභාවයෙන් යුතුව ශුභව පුර පක්ෂයෙහි වී ඇත්නම් ධනකාමී බවෙහි ස්ථිරසාර බවක්ද ඇතිකෙරේ.

රවි, කුජ, ශනි පිහිටීම අනුව අකාලයේ දත් ගැලවී යෑම විරූපී වීම, දත් රෝග ඇතිවීම ආදියටත්, අයහපත් පාප දෘෂ්ටි ඇතුළු පාප පීඩිත තත්ත්වය තුළින් සිදුවෙයි. රවි, කුජ, ශනි දෙවැන්නේ යෙදුණේ නම් එවැන්නන්ගේ හැම කතාවකදීම අන්‍යයන් අප්‍රසාදයට කලකිරීමට පත්වීම ස්වභාවිකය.

බුධ දෙවැන්නේ පාප පීඩිතව දුර්වලව ඇතිවීම කේළාම් කියන, පරුෂ බස් තෙපළන, කුරිරු නපුරු කතා නිතරම ඇති බොරුකාරයෙක් පහළ වන බව දැක්වේ. රවි, සඳු, කුජ යෝගය සමග ශනි හත්වැන්නේ පිහිටීමත් සෞම්‍යයන් නොදැකීමත් යන ක්‍රමයන්ද මුඛයෙහි දත්වල විරූපීභාවයක් ඇතිකෙරෙනු ඇත. දෙවැන්නේ බුධ බලවත් වීම, සුබ ග්‍රහ දෘස්ටිවලට ලක්වීම, සෞම්‍ය ග්‍රහ පිහිටීම් ආදිය අනුව ඇසූ දුටුවන් වශීවන ස්වභාවය මුහුණෙහි හා වචනවල රැඳී පවතිනු ඇත. මුදු මොළොක් වචන හා මිහිරි කටහඬ විශේෂයෙන් වනිතාවකට වාසනාව හා භාග්‍යය උදාකෙරෙන ආභරණයක් වනු ඇත.

ජ්‍යොතිෂවේදී කොස්ගොඩ ජේ.පී. ද සොයිසාඋපුටා ගැනීම මව්රට

Share This Article

ලග්නයේ රවි සිටියදී උපන්නොත් මැරෙන්නෙ ගැහැනියක් නිසාලු

ජන්ම පත්‍ර පරීක්‍ෂාවේදී ඉතාමත්ම සුපරික්‍ෂාකාරීව කළ යුතු වන්නේ ආයුෂ පිළිබඳ සලකා බැලීමයි. කොතෙක් රූප සම්පත්තිය ඇතත්, වස්තුව ඇතත්, ආයුෂ හීන පුද්ගලයාගෙන්...

රාහු අපල දුරු කරන්න මත් වෙන දේ අත්හරින්න

අප හමුවීමට පැමිණි එක්‌තරා සේවා දායිකාවක්‌ තම සැමියාගේ කේන්ද්‍ර පලාපල විමසුවාය. කේන්ද්‍රය අනුව ඔහුට විදේශ රටකට යැමේ වාසනාවක්‌ තිබේද? යනු ඇයගේ...

පින සහ පව කේන්ද්‍රයෙන් දැනගන්න

සෑම කෙනෙකුම මෙලොව අත්විඳින්නේ පෙර කරන ලද පව සහ පින අනුව ලැඛෙන ප්‍රතිඵලයන්ය. යමෙක් මෙලොවදී සිත, ක්‍රියාව, වචනය යන තුන් දොරින්...

කලබල කළත් කසාදෙ පරක්කුයි

මෙලොව උපත ලබන ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම සුදුසු වයසට එළඹීමත් සමඟම විවාහයට පා ඔසැවීමට සිහින මවයි. සමහරු විවාහ අපේක්ෂාවෙන් ප්‍රේම සබන්ධතා ගොඩනගා...

බඳින්නට පෙර සිතා බලනු

විවාහය බොහෝ විට සිදුවන්නේ පෙම් සබඳතා තුළිනි. එසේම යෝජනා, කපුකම්, පුවත්පත්, ඇසුරින්ද විවාහ මංගල කටයුතු සිදුවේ. යුග දිවියට පත්වීමේදී තම අනාගත...

ජන්ම පත්‍රයක ආයු ප්‍රමාණය

ජන්ම පත්‍රයක පලාපල කථනයේදී එය හිමි අයගේ ආයු ප්‍රමාණය ගැන මුලින්ම නිගමනය කිරීම ඉතා වැදගත් වෙයි. එහෙත් කිසිම විටෙක ඒ පිළිබඳ...