Biz Log
Classifields
Biz Log
Classifields

රට ගිහින් ගොඩ යන්නද කල්පනාව…

මේ කාරණය සම්බන්ධව අපි විවිධ අවස්ථාවල කතාබස් කර ඇතත් මේ වෙද්දි විදෙස් රැකියා සඳහා ඇති අධික ඉල්ලුම හේතුකොට ගෙන බොහෝ දෙනෙකු අපගෙන් ඒ සම්බන්ධ තොරතුරු විමසයි. එහිදී විශේෂයෙන්ම ප්‍රධාන කාරණා කිහිපයක් මුල් වෙයි. ඇතැම් අය විදෙස් රැකියාවකට යාමේ අදහස පහළ වූ විගස එම රැකියා ලබාගෙන විදෙස්ගත වෙද්දී තවත් පිරිසක් දැඩි උත්සාහයකින් පසු එම අදහස අතහැර දැම්මත් කොතරම් උත්සාහ කළද පිරිසකට විදෙස් ගතවීමට නොහැකි වන අවස්ථාත් වෙයි. එවැනි අවස්ථාවල ශ්‍රමයත්, මුදලත් අපතේ ගොස් පීඩාවට පත්වීමට බොහෝ දෙනෙකුට සිදුවේ. එනිසා රට යන්න හිතනවා නම් ඔබේ කේන්දරය ගැන පහත සඳහන් පිහිටීම් තිබේදැයි බලන්න.

සෙනසුරු – සිකුරු – චන්ද්‍ර – බ්‍රහස්පති ග්‍රහයන්ද, සෙනසුරුගේ ජන්ම අෂ්ටම ලග්න ඒරාෂ්ටකද, රාහු මහ දශාවද ජන්මියකුට විදෙස්ගත වීමට උදව්වක් වන බව පැහැදිලිය. 12 භාවයේ සිටින ග්‍රහයා චරක රාශියක අධිපති වී සිටී නම් එම ජන්මියාට බොහෝ විදේශයන්හි සංචාරයට වාසනාව ඇති බව හෙළි වේ. 12 වැන්නේ පාප ග්‍රහයකු සිටී නම් 12 අධිපති පාප ග්‍රහයෙකු සමග සංයෝග වී පාප ග්‍රහයකුගේ බැල්මට නතුව සිටී නම් එම ජන්මියාටත් බොහෝ රටවල සංචාරයට වාසනාව උදාවන බව කියැවේ.

ලග්නාධිපති 12 අධිපතියා පාප පීඩිතව සිටී නම් හෝ දුර්වලව සිටී නම් එවැනි අයට පහසුවෙන් විදෙස්ගත වීමට වාසනාව ඇති අතර, නිතර නිතර විදෙස් සංචාර යෙදෙන බවත් පැවසේ. නැතහොත් කඩින්කඩ, යන්නට, එන්නට සිදුවෙන බවත් පැවසේ. 12 අධිපති මිත්‍ර ග්‍රහයකු නම්, සිකුරුගේ දෘෂ්ටියටත් ලක්වෙයි නම් නිසැකවම විදෙස්ගත වෙයි. එහි 12 අධිපති සූර්ය ග්‍රහණයට යොමු වූයේ නම් ජන්මියාට කුඩා නගරයකත්, 12 අධිපති බලගතු නම් එම ජන්මියාට නාගරික පරිසරයකත් වාසයට වාසනාව පෑදේ.

12 අධිපති 9 වැන්නේද, 12 රාහු තැන්පත් වීමද උපන් දේශයට පිට දුර ප්‍රදේශයක වාසයට සුබ පිහිටීමකි. මෙය බොහෝ දුරට විදෙස් සංචාර සඳහා මෙන්ම විදෙස් පදිංචියට මගපාදන පිහිටීමක් බව පැවසේ. චන්ද්‍රයා නව වැන්නේ සිටීමත් 3, 9, 12 අධිපතියන් සංයෝගවීමද විදෙස්ගත වීමේ සිහින පහළ කරන්නට හේතු වේ. 03 අධිපතියා ලග්නගත වීමද, 9, 10 අධිපතියත් 9 හෝ 10 හෝ තැන්පත් වීමද, විදෙස්ගතව ආදායම් සෙවීමට උපකාරී වන බව කියැවේ.

ඉහත ග්‍රහ සංයෝගවලට අමතරව තවත් ග්‍රහ සංයෝග රාශියක් විදෙස්ගත වීමට සම්බන්ධව ඉඟි පළකරන අතර කේන්දරයක් ඉතා සූක්‍ෂ්මව පරීක්‍ෂා කිරීමෙන් එම තත්ත්වය මනාව හඳුනාගත හැකි වෙයි.

එසේම කේන්දර පරීක්‍ෂාව තුළින් අදාළ ග්‍රහ සංයෝග බලවත් වෙන්නේ කවදාද යන්නත්, එසේ බලවත් වීමෙන් විදෙස්ගත වීමට වාසනාව ලැබෙන්නේ කෙසේද යන්නත් හඳුනාගත යුතුය.

යම් ජන්මියකු විදෙස්ගත වීමට සිතා සිටිනවා නම් ඉතා යෝග්‍ය කාරණය වන්නේ සිය ජන්ම පත්‍රය පරීක්‍ෂා කරවාගෙන තමාට විදෙස්ගත වීමට වාසනාව ඇත්තේ කවදාද යන්න තේරුම් ගැනීමය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, සත්‍යජිත් සම්පත්උපුටා ගැනීම මව්රට

Share This Article

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සුබ මූහුර්තයක්

ජන්මියාගේ ජන්ම පත්‍රය හොඳින් පරීක්ෂා කොටය. ව්‍යාපාරයන්ට ගැලපෙන නැකත් ඇත අස්විද, රෙහෙන, මුවසිරස, අද, පුනාවස, පුෂ, මා, පුවපල්, හත, විසා, මූල,...

සිකුරු උච්චනම් සිත මනමාලයි

ඉතා සැහැල්ලුවෙන්. සිනාසෙමින් මහ මග යන එන තරුණ තරුණියන් දැකීමද සිතට සහනයක්‌ ගෙන දෙන්නක්‌. නොයෙක්‌ ප්‍රශ්නවලින් හෙම්බත්වුණු මුහුණු අතර මෙම සිනහමුසු...

විදේශ ගමන්වලට ඔබටත් වාසනාව හිමිද?

තම මව් රටින් බැහැරව විදේශ රටවල විසිතුරු බලන්න, විදේශ රැකියාවක්‌ කරන්නට නැතිනම් වැඩිදුර අධ්‍යාපනයක්‌ ලබන්නට ඔබත් සිහින දකින කෙනෙක්‌ විය හැකිය....

දරුඵල ඇතිවීම නැතිවීම කේන්ද්‍රයෙන් බලා ගන්න

කාන්තාවෝ මල්වර වීමෙන් පසුව විවාහ ජීවිතයට සුදුස්‌සන් වෙති. අඩු වයසින් මල්වර වීමත්, අඩු වයසින් විවාහයට පිවිසීමත් සුදුසු නොවේ. විවාහයෙන් පසු අඹු...

සෙනසුරු ඒරාෂ්ඨකයක් ගැන කියා බිය වැද්දීම වැරදියි

පෙර ආත්ම භාවවලදී සිදුකළ කුසලාකුසල කර්ම සම්බන්ධ කැඩපත, ජන්ම පත‍්‍රයයි, එය හඳහන, වේලාපත්කඩය ආදී නම්වලින්ද හැඳින්වේ. එකම ජන්ම පත‍්‍රය තුළ ජන්ම...

ජීවිතය වෙනස් කරන මල්වර වෙලාව

දැරියකගේ ජීවිතය වසරින් වසර කොටස් කර පෙන්වන්නේ දියණියගේ අනාගත ජීවිත සැළැස්ම අනුවයි. එයින් එක් අවස්ථාවක දැරියක් වයසින් වැඩීගන එන විට මල්වර...