Biz Log
Classifields
Biz Log
Classifields

කිත් පැසසුම් සහ ජයග්‍රහණ ලැබෙන චාමර යෝගය

වසර හැත්තෑවකට ආසන්න වශයෙන් ජීවත් වීමට වරම් ලැබූ අය මේ යෝගයෙන් උත්පත්තිය හෙවත් ජන්ම දායාදය ලබති. මොවුන් බමුණන් මෙන් වේද ශාස්තෘයන්ගේ දස්කම් විස්කම් දක්වති. පාලන තන්ත්‍රය දෙස බලද්දී මේ යෝගයෙන් ජන්ම දායාදය ලැබුවෝ පරිපාලනයෙහි දක්ෂයෝ වෙති.

එපමණක් නොවේ මේ යෝගය ලැබුවෝ පැහැදිලි කතා විලාසයකින් යුක්ත අය වේ. මොවුන් පාලකයන්ගේ ගරු බුහුමනට ලක්වේ. සුබවාදී ලෙසින් රජුන්ගේ ගෞරවාදරයට පත්වනවා පමණක් නොව ගරු බුහුමන්ද ලබති. අධ්‍යාපනය එසේත් නැතිනම් ශිල්ප ශාස්ත්‍රය දෙස විමසීමේදී ඉතාමත් පැහැදිලි නිපුණත්වයක් ලැබුවෝ වෙති.

කිසියම් ජන්මියකු ජන්ම දායාදය ලැබීමේදී කේන්ද්‍රස්ථානයක ලග්නාධිපතියා එසේත් නැතිනම් උත්පත්තිය ලග්නය හිමි ග්‍රහයා ස්ථානගත වී ඇත්ද එසේත් නැතිනම් ලග්නයට උච්ච ග්‍රහයා මෙසේද ඒ අවස්ථාවේදී උච්චවත් ක්ෂේත්‍ර වූ හෝ ස්වක්ෂේත්‍ර වූ ගුරු හෙවත් සුරු ගුරුගේ ක්ෂේත්‍රයට හසුවේද එතැනදී කෙළින්ම යෙදෙන්නේ චාමර යෝගයයි. එපමණක් නොව, ලග්නය සතර හත දහයට යන කුමන ස්ථානයට හෝ සුබවාදී ග්‍රහයෝ දෙදෙනෙක් ස්ථානගත වී ඇත්ද එවිට යෙදෙන්නේද චාමර යෝගයයි.

මේ අනුව විමසීමේදී චාමර යෝගය දෙයාකාරයට යෙදෙන බව පැහැදිලි වේ. එසේම මෙකී සුබ ග්‍රහයන් දෙදෙනාම අසුබ ග්‍රහයන් දක්නා ලබන්නේද කිසිම දැක්මක් නැතිවම අසුබ ග්‍රහ සංයෝගවලින් තොර විය යුතුය. එමෙන්ම එකී සුබ ග්‍රහයෝ උච්චක්ෂේත්‍රව හෝ ස්වක්ෂේත්‍රව සිටියේ නම් මෙම යෝගයෙන් සුබ පල වඩා වැඩිය.

යම්කිසි ජන්මියකු උප්පත්තිය ලැබුණේ මීන ලග්නයෙන්ද එම ලග්නයට උච්චක්ෂේත්‍ර ග්‍රහයා සිකුරුය. සිකුරු ග්‍රහයා ලග්නයේ ස්ථානගතව සිටියදී මීන ලග්නයෙන් පස්වැන්න වන කටක රාශියට උච්චක්ෂේත්‍ර වූ ගුරු පස්වැන්නේ ස්ථානගතව සිටින විට එම බ්‍රහස්පතිව ලග්නයේ බලවත්ව තෙදවත්ව සිටින කිවි දැකීම හේතුවෙන්ද චාමර යෝගය යෙදෙන බව දත යුතුය.

ජේ‍යාතිෂයේ දැක්වෙන පරිදි කිවි සහ ගුරු සතරක් ලෙසින් හැඳින්විය හැකිය. මෙහිදී තවදුරටත් සලකා බැලීමේදී සතුරු බලය වෙනත් අංශයකට ගෙනිය හැකිය. කොහොම වුණත් ගුරු ග්‍රහයා සිකුරුගේ සතුරු බලය අභිභවා ඉදිරියට යමින් මෙම චාමර යෝගයේ ඇති සුබපලයන් නිසි අයුරින් උදා කර දේ.

ඒ වගේම තවත් කෙනකුගේ උත්පත්තිය කටක ලග්නයෙන් සිදුවී තිබෙන්නට බැරි නැත. එතැනදී ගුරු ලග්නයේ උච්චව සිටීමත් සඳු ස්වක්ෂේත්‍රව එම ස්ථානයේම වැජඹීමත් හේතුවෙන්ද චාමර යෝගය උදාවන්නේය. මෙහිදී සලකා බැලිය යුත්තේ පාප ග්‍රහයන්ගේ අසුබ දැකීම් නොලබා සිටියහොත් බොහෝවිට චාමර යෝගයේ සත්‍යම සුබ පලයන් ගෙන දීමද සිදුවේ.

මෙම යෝගය තවත් කිහිප විධියකටම යෙදීමට බැරිකමක්ද නැතුවා නොවේ. කෙසේ වෙතත් චාමර දක්ෂ නිපුණ අයට තෝතැන්නකි. වාසනාවන්ත පිහිටීමකි. ජය ලබන මංපෙතකි. ප්‍රසිද්ධියේ උල්පතකි. බඅහඅමන් ලැබීමේ පහසුම පින්බිමකි. නිරෝගිව ජීවත් වීමට අත්වැලකි. ශිල්ප ශාස්ත්‍රය හැදෑරීමට මෙවන් යෝගයක් ලැබීම කියලාවත් කරගන්නට බැරි ග්‍රහ පිහිටීමකි. දක්ෂයන්ගෙනුත් දක්ෂයන් බිහි කරන මෙම යෝගය මනාව ඔබටත් තිබේදැයි විමසා බලා ඔබත් ඒ අනුව ඉදිරියට යන්න.

උපුටා ගැනීම මව්බිම

Share This Article

ඉන්ජිනේරුවෙක් බඳින්න වාසනාව

යෞවනයේ පසුවන සියලු දෙනාගේම එකම අපේක්ෂාව යහපත් විවාහයක් කරගැනීමයි. සමහර තරුණ තරුණියන්ගේ විවාහය ඔවුනොවුන්ගේ හඳුනා ගැනීම මත සිදුවන අතර ඇතැම් අයගේ...

සඳු බලවත් කාන්තාවන්ට සුබ ආරංචියක්

සඳු යනු හඳහනක සඳහන් චන්ද‍්‍රයාය. රවි පීතෘකාරක ග‍්‍රහයා වන අතර සඳු මාතෘකාරක ග‍්‍රහයාය. සඳු උච්ච වීම, ස්වක්‍ෂේත‍්‍ර වීම, මිත‍්‍ර රාශි ගතවීම...

ලග්නය තරමටම වැදගත් නවාංශකය

අපගේ ජන්ම පත්‍රයේ නැතිනම් හඳහනේ රාශි 12කින් යුත් කොටු 2ක් දක්නට ඇත. එය ලග්නය හා නවාංශකය ලෙසින් අප හඳුන්වන්නේය. නමුත් අප...

සුබ කටයුතු සඳහා පෙරමුණ ගන්නා ග‍්‍රහලොව සුර ගුරු

සුරගුරු යන ගෞරව නාමයෙන් පිදුම්ලබන ගුරු ග‍්‍රහයා ග‍්‍රහ වළල්ලේ විශාලතම ග‍්‍රහයාය. පෘථිවිය මෙන් 318 ගුණයක්‌ විශාල මෙම ග‍්‍රහයාගේ බලය පෘථිවියට ලබාදෙන්නේ...

උපන් දිනය-වේලාව ස්ථානය නොදන්නා අයට සුබ නැකැත්

උපන් දිනය, වේලාව, ස්ථානය නොදන්නා අයට ජන්ම කේන්දරයක්ද නොමැත. එහෙත් කේන්දරයක් (ජන්ම පත්‍රයක්) තිබුණේ නැත කියා ඔවුනට වුවද පහසුවෙන් හා විශ්වාසයෙන්...

හඳහන පෙන්වන වාසනා මඟ

යම් කෙනෙකු කරදර හිරිහැර දුක්‌ පීඩා වලින් තොරව ධනය බලය ඓශ්චර්ය, සැප සම්පත්වලින් යුක්‌තව යහතින් කල් ගෙවනු දුටු විට අපි ඔහු...