This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 11th Tuesday, Feb 2025
ග්‍රහ පිහිටීම අනුව යුග දිවිය කටුක කරන ලිංගික දුබලතා ගැන ඔබ දැනුවත්ද?


ලිංගික බෙලහීනතාවයන් හෝ කාම උදාසීනත්වය ඇතිවීමට හේතු... ලිංගික තෘප්තියට බාධා ඇති කරන ග්‍රහ පිහිටීම...

විවාහයට පෙර ඔබ තෝර ගන්නා සහකරු හෝ සහකාරියගේ ලිංගික ශක්තිය පිළිබඳව ප්‍රථමයෙන් සෑහීමකට පත්විය යුතුය. සහකරු හෝ සහකාරිය ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන්නේ නම් විවාහ ජීවිතය වැඩි කාලයක් පවත්වාගෙන යා නොහැකි වේ. මෙවැනි වූ තත්ත්වයන් එක් එක් පුද්ගලයන්ට මුහුණපෑමට සිදුවන ආකාරයන් වෙනස් වේ. සමහර පුද්ගලයන්ට මෙවැනි තත්ත්ව උපතේදීම ඇතිවන අතර සමහරුන්ට එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වන්නේ කාලයක් ගතවීමෙන් අනතුරුවයි. සමහරුන්ට මෙවැනි තත්ත්වයන් ඇති වන්නේ විවාහ වී දූ දරුවන් ලැබීමෙන් පසුව විය හැක. විවාහ ජීවිතයෙන් පසුවද භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ ක්‍රියා කලාපයන් අනුවද ලිංගික බෙලහීනතාවයන් හෝ කාම උදාසීනත්වය ඇතිවීමට පුළුවන. විවාහයෙන් පසු ඇතිවිය හැකි මෙවැනි තත්ත්වයන් විවාහයේ බිඳවැටීම හෝ විවිධ ගැටලූකාරී තත්ත්වයන් ඇතිවීමට හේතුවිය හැක.

කාන්තාවකගේ හෝ පුරුෂයකුගේ හෝ ලිංගික ප්‍රජනන පද්ධතිය නියෝජනය කරන්නේ කේන්ද්‍රයේ 7 වැන්නයි. එම කාර්යයේ දී 7 වැන්න පමණක් නොව 7 වැන්න අධිපතියා නියෝජනය කරනු ලබන ග්‍රහයා හා 7 වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ටි කෙරේද අවධානය යොමු කළ යුතුය.

සෙනසුරු, බුධ, කේතු යන ග්‍රහයන් ලිංගික ජීවිතය කෙරෙහි වැඩි වශයෙන් උනන්දුවක් නොදක්වන අතර මෙම ග්‍රහයන් තිදෙනා 7 වැන්නේ සංයෝග වීම වඩාත් අහිතකරය. එමෙන්ම මෙම ග්‍රහයන් තිදෙනාගෙන් දෙදෙනකුගේ සංයෝගය හෝ හුදෙකලාව එක් අයකු පමණක් සිටීම ලිංගික තෘප්තියට බාධා ඇති කරන ග්‍රහ පිහිටීමකි.

7 වැන්න තුළ තැන්පත් බ්‍රහස්පති විවාහ ජීවිතයේ මුල් කාලය පැහැපත් කරන අතර පසු කාලය නීරස භාවය ඇති කරයි. නීරස භාවය සමග ලිංගික ජීවිතය පිළිබඳව පවත්නා උනන්දුව උද්යෝගය අඩු කරවයි. එමෙන්ම මෙම බ්‍රහස්පති, සෙනසුරු හෝ කේතු සමග සම්බන්ධ වීම වඩාත් අයහපත් තත්ත්වයකට පත්කරවයි.

7 වැන්න අධිපතියා නීච හෝ සතුරු රාශි ගතවූ විට ලිංගික ශක්තිය අඩුවීමට හා විවාහයේ ප්‍රීිතිමත් භාවය පහත වැටීමට හේතු වේ. සෙනසුරු, බුධ, කේතු වැනි ග්‍රහයන් නීච හෝ සතුරු හෝ කාරක බලයෙන් සිටීම වඩාත් අයහපත් වේ.

සෙනසුරු කේතු වැනි ග්‍රහයෙකු 7 වැන්නට පැමිණෙන විට එම කාල පරිච්ඡේදයේදී ලිංගික තෘප්තිය පිළිබඳ ඇති උද්යෝගය පහත වැටෙයි. එසේ වුවද වෙනත් ග්‍රහ යෝග යෙදී ඇත්නම් මෙම තත්ත්වය වෙනස් කෙරේ. විශේෂයෙන් ලිංගික ජීවිතය ප්‍රිය කරන ග්‍රහයෙකුගේ දිශාවක් පැවතීම මෙම තත්ත්වය වෙනස් කිරීමට හේතු වේ.

පුරුෂ කේන්ද්‍රයක සිකුරු දැඩි ලෙස දුර්වලව නීචව සිටීම හා සිකුරුට 7 වැන්නට හා 8 වැන්නට ශනි, කේතු, බුධ යන ග්‍රහයන්ගේ බලපෑම් යොමු වී තිබීමද විවාහයට නුසුදුසු පිහිටීමකි. ස්ත්‍රී කේන්ද්‍රයට 7 වැන්නට හා 7 වැන්න අධිපති මෙන්ම සිකුරුද දැඩි පාප පීඩාවට යොමුවීම නිසා විවාහ සැප අහිමි කරයි. 7 වැන්න ශනි හා රවි එකිනෙකාට සතුරු පාප ග්‍රහයන් දෙදෙනකුට මැදිවීමද අශුභයි.

විසි පොරොන්දම් කොපමණ සුද්ද ලෙස පරීක්‍ෂා කරනු ලැබුවද අඹුසැමි යුවළගේ ලිංගික ජීවිතයේ තෘප්තිමත් භාවය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයකට එළැඹීමට හැකියාවක් නොමැත. එබැවින් ලිංගික බෙලහීනතාව තහවුරු කරගැනීම කෙරේ. 20 පොරොන්දම් පමණක් පරීක්‍ෂා කිරීම ප්‍රමාණවත් නොවේ. ලිංගික බෙලහීනතාව ලිංග භේදයකින් තොරව සිදු වන්නකි. එය පිරිමියාට මෙන්ම කාන්තාවටද පොදු ධර්මතාවකි. ලිංගික ශක්තිය සම්බන්ධයෙන් විධිමත් අයුරින් පරීක්‍ෂා කළහොත් එම කාරණය විවාහයට පෙර අවධාරණය කර ගැනීමට හැකි වෙයි.

කෙනෙක් රාගී වන අතර කෙනෙක් විරාගී වේ නම් එතැන පවුල් ජීවිතයක් නැත. මෙය අද සමාජයේ සුලබව දක්නට ලැබෙන කරුණකි. මෙහි අඩුවක් වෙතොත් සමාජ තත්ත්වය නම්බුව, ගෞරවය, තරාතිරම යනාදිය කිසිවක් නොතකා එම අඩුව සොයාගෙන යති. විවාහය ස්ත්‍රී පුරුෂ දෙදෙනා අතර වූ ආධ්‍යාත්මික බැඳීමක් නොව සමාන්තර වශයෙන් පොදු ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක් වන ලිංගිකත්වය සමඟ බැඳී පවතියි. මේ නිසා ලිංගික අවශ්‍යතා සමබර නොවීම තුළ විවාහ ජීවිතයක් ගෙනයෑම නොහැකි වනු ඇත. විධිමත් ආකාරයෙන් කේන්ද්‍ර පරීක්‍ෂාවට ලක් කළ හොත් පුද්ගලයකුගේ ලිංගික බෙලහීනතාව කාම උදාසීනත්වය, කලකිරීම වැනි කරුණු කල්ඇතිව අනාවරණය කර ගැනීමට පිළිවන.

උපුටා ගැනීම තරුණයා වෙබ් අඩවිය

Share With Your Friends.

Back
සබැදි වෙනත් ලිපි
රූමතියකගේ අතගෙන ධනවතෙක් වෙන රහස…
ලෝකය පෙරළුණත් කලබල නොවන කුම්භ ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ
විවාහයට බාධා කරන ශනි මංගල යෝගය
දක්ෂයන්ගෙනුත් දක්ෂයන් බිහි කරන චාමර යෝගය
කේන්දර නොගැළපෙනවා නම් මොන එකකටද පොරොන්දම් බලන්නෙ?
රජුන් පවා බලයෙන් පහ කෙරෙන සෙනසුරු ඒරාෂ්ඨක අපලය
සුන්දර සඳු සිකුරු යෝගය
සඳු සිටින තැනින් කියෑවෙන කාන්තා ගතිගුණ
ජන්ම පත්‍රයේ නවාංශකයෙන් කියැවෙන ඔබේ ගතිගුණ