Biz Log
Classifields
Biz Log
Classifields

ප්‍රේමය විවාහය සහ දරුවෝ

family love and childrens

ප්‍රේම සම්බන්ධතාවන් සහ විවාහය:

සාමාන්‍යයෙන් සියයට හැත්තෑවක් පමණ තරුණ තරුණියන් ප්‍රේමයෙන් වෙළෙති. ඔවුන් බොහෝ දෙනකු විවාහයට පත්වන අතර කිහිප දෙනකු ප්‍රේමය බිඳවැටී වෙනත් මං සොයා යති. කෙසේ වුවද ජන්ම පත්‍රයක් මඟින් ප්‍රේම සම්බන්ධතා ගැන විනිශ්චය කිරීමේදී එහි 5 වැනි භාවය කෙරෙහි අවධානය යොමු කරන්න. 5 වැනි භාව ස්ඵූටයේ උප ස්ථානය හිමි ග්‍රහයා ජන්ම පත්‍රයේ 2 වැනි, 5 වැනි, හෝ 11 වැනි භාවවලට නිවේදයකු වෙයි නම් ප්‍රේම සම්බන්ධතා ඇති වෙයි. 7 වැනි භාවයට නිවේදකයකු නම් විවාහයෙන් එක් වෙති. එහෙත් මෙම ග්‍රහයා හෝ මෙම ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි ග්‍රහයා 4 වැනි හෝ 10 වැනි භාවවලට නිවේදකයකු වෙයි නම් ප්‍රේම සම්බන්ධතා බිඳවැටී යයි.

විවාහය සහ දරුපල:

ජන්ම පත්‍රයේ 7 වැනි භාව ස්ඵූටයේ උප ස්ථානය හිමි ග්‍රහයා 2 වැනි, 7 වැනි හෝ 11 වැනි භාවවලට නිවේදකයකු වෙයි නම් ප්‍රේම සම්බන්ධතා ඇතිව හෝ නොමැතිව විවාහ වෙති. එහි 2 වැනි, 7 වැනි, සහ 11 වැනි භාවවල නිවේදක ග්‍රහයන්ගේ මහ දශාවේදී සහ අතුරු දශාවල දී විවාහ වෙති. ජන්ම පත්‍රයක් මඟින් දරුපල ගැන විනිශ්චය කිරීමේදී එහි 5 වැනි භාවය කෙරෙහි අවධානය යොමු කරන්න. 5 වැනි භාව ස්ඵූටයේ උප ස්ථානය හිමි ග්‍රහයා ජන්ම පත්‍රයේ 2 වැනි, 5 වැනි හෝ 11 වැනි භාවවලට නිවේදයකු වෙයි නම් දරුපල ඇතිවෙයි. එහෙත් මෙම ග්‍රහයා හෝ මෙම ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි ග්‍රහයා 4 වැනි හෝ 10 වැනි භාවවලට නිවේදකයකු වෙයි නම් දරුපල නැතිව යයි. ජන්ම පත්‍රයේ 5 වැනි භාවය මඟින් පළමු වැනි දරුවා ගැන පෙන්වන අතර එම දරුවාට 3 වැනි භාවය මඟින් ඔහුගේ සහෝදර සහෝදරියන් ගැන පෙන්වයි. එවිට 5 වැනි භාවයට 3 වැනි භාවය වන 7 වැනි භාවය මඟින් 2 වැනි දරුවා ගැන පෙන්වයි. ඒ ආකාරයට 7 වැනි භාවයට 3 වැනි භාවය වන 9 වැනි භාවය මඟින් 3 වැනි දරුවා ගැනද පෙන්වයි. දරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය ගැන මේ ආකාරයටද නිගමනය කළ හැකියි. ජන්ම පත්‍රයේ 5 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා පුරුෂ රාශියක් වන මේෂ රාශියේ තැන්පත්ව සිටියේ නම් පිරිමි දරුවෙක්ද, ස්ත්‍රී රාශියක් වන වෘෂභ රාශියේ තැන්පත්ව සිටියේ නම් ගැහැනු දරුවෙක්ද ලැබේ. මේ අනුව, 5 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා තැන්පත්ව සිටි හෝ නිවේදකත්වය දරන රාශිය අනුව ස්ත්‍රී පුරුෂ භාවය ගැන නිගමනය කළ හැකිවෙයි. මේෂ, මිථුන සහ සිංහ රාශි ක්‍රියාකාරී ඒවා නොවන බව සලකති. ජන්ම පත්‍රයේ 5 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, මෙවැනි රාශිවල තැන්පත්ව සිටියේ නම් දරුවන් පිළිසිඳ ගැනීම්වලට බාධා ඇති වෙයි. කේතු, කුජ හෝ රවි යන ග්‍රහයන් 5 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා හෝ එම ග්‍රහයා, තැන්පත්ව සිටි නක්‍ෂත්‍රයේ නිවේදක ග්‍රහයකු වෙයි නම් දරුවන් පිළිසිඳ ගැනීම් ඇතිවන්නේ නැත. ජන්ම පත්‍රයේ 5 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා හෝ එම ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි ග්‍රහයා යුග්ම ස්වභාව ඇති ග්‍රහයකු හෝ යුග්ම රාශිවල තැන්පත්ව සිටියේ නම් නිවුන් දරුවන් ලබයි.

මව්බිම

Share This Article

සුබ කටයුතු සඳහා පෙරමුණ ගන්නා ග‍්‍රහලොව සුර ගුරු

සුරගුරු යන ගෞරව නාමයෙන් පිදුම්ලබන ගුරු ග‍්‍රහයා ග‍්‍රහ වළල්ලේ විශාලතම ග‍්‍රහයාය. පෘථිවිය මෙන් 318 ගුණයක්‌ විශාල මෙම ග‍්‍රහයාගේ බලය පෘථිවියට ලබාදෙන්නේ...

ඔබේ රැකියාව 10 වෙනි කොටුවෙන් සොයා ගන්න

ජ්‍යෙතිෂය යනු දුටුවන් මවිත කරන මැජික්‌ ශාස්‌ත්‍රයක්‌ නොවේ. එහෙත් මැජික්‌ වලින් ඇතිදේ නැති කිරීමටත් නැතිදේ ඇති කිරීමටත් හැකියාව ඇතුවා සේම ජ්‍යෙතිෂ...

රට ගිහින් ගොඩ යන්නද කල්පනාව…

මේ කාරණය සම්බන්ධව අපි විවිධ අවස්ථාවල කතාබස් කර ඇතත් මේ වෙද්දි විදෙස් රැකියා සඳහා ඇති අධික ඉල්ලුම හේතුකොට ගෙන බොහෝ දෙනෙකු...

සිකුරු උච්චනම් සිත මනමාලයි

ඉතා සැහැල්ලුවෙන්. සිනාසෙමින් මහ මග යන එන තරුණ තරුණියන් දැකීමද සිතට සහනයක්‌ ගෙන දෙන්නක්‌. නොයෙක්‌ ප්‍රශ්නවලින් හෙම්බත්වුණු මුහුණු අතර මෙම සිනහමුසු...

බහුභාර්යා සංගමයක සාමාජිකාවක්ද?

විවාහයේ සාර්ථකත්වය රැඳී පවතින්නේ ලිංගිකත්වය මතය. එය විවාහයේ සාර්ථක අසාර්ථකත්වයට බොහෝ සේ බලපායි. පුරුෂයකු අධි කාමුකත්වයට පත්වන්නේ උපතේදී වන පිහිටීම් අනුවය....

යුග දිවියට වින කටින අසුබ පිහිටීම්

සම්මත චාරිත්‍ර අනුව අලුත් ජීවිතයක්‌ අරඹනු පිණිස දෙදෙනකු සඳහා විවාහ නැකැත් සාදන විට බැලිය යුතු කරුණු රාශියක්‌ ඇතත් අද මේ ලිපියට...