Biz Log
Classifields
Biz Log
Classifields

උපන් දිනය-වේලාව ස්ථානය නොදන්නා අයට සුබ නැකැත්

birth time, birth dayඋපන් දිනය, වේලාව, ස්ථානය නොදන්නා අයට ජන්ම කේන්දරයක්ද නොමැත. එහෙත් කේන්දරයක් (ජන්ම පත්‍රයක්) තිබුණේ නැත කියා ඔවුනට වුවද පහසුවෙන් හා විශ්වාසයෙන් යුතුව සුබ මුහුර්තයක් සාදා ගත හැකි ක්‍රමයක් පංච සෘෂි නක්ෂත්‍ර කාල යෝග පහ තුළින් හැකියාවක් ඇත. මෙම යෝග සකස් කරගනු ලබන්නේ නාමාක්ෂරය නොහොත් නමේ මුල් අකුර මුල් කරගෙනය. ඉහත යෝගයන් නම්,

1. මහේශ්වර කාල යෝගය2. කාල කාල යෝගය3. ශ්‍රී කාල යෝගය4. බ්‍රහ්ම කාල යෝගය5. විෂ්ණු කාල යෝගය

මෙහි විශේෂය වන්නේ සුබ මුහුර්තය අවශ්‍ය අයගේ නමේ මුල් අකුරට හිමි පක්ෂියාට අයත් දිනය, නැකැත, තිථිය, ලග්නය යන හතරම එකවිට උදාව පවතින වේලාවක් ශුද්ධ කර ගත යුතුය. මෙම සුබ මුහුර්තය සීහුම් (ගැළපෙන්නේ) ලබන්නේ එම නමාක්ෂරය හා පක්ෂියා හිමි අයට පමණි. එමෙන්ම මෙම මුහුර්තය යොදා ගත යුත්තේ පුර පක්ෂයේදී පමණකි. පංච පක්ෂීන් වනුයේ භේරුඬ, පිංගල, කාක, කුක්කුට, මයුර යන පක්ෂීන්ය.

මහේෂ්වර කාල යෝගය

මේෂ, සිංහ, වෘශ්චික යන ලග්න තුනෙන් එකක්ද අස්විද, බෙරණ, කැති, රෙහෙණ, මුවසිරස යන නැකැත් පහෙන් එකක්ද, පෑලවිය, සැටවක, එකළොස්වක යන නන්දා තිථි තුනෙන් එකක්ද, රවි, කුජ, දෙදිනෙන් එකක්ද යෙදී ඇති වේලාව මහේෂ්වර කාල යෝගයයි. 'අ', 'ආ', 'ඇ', 'ඈ, 'අං', යන ස්වරයන්ගෙන් නම යෙදී ඇති භේරුඬ පක්ෂියා හිමි අයට මෙම මොහොත ඉතාමත්ම ශුභ වේ. මෙහි සුබ දිශාව නැඟෙනහිර වෙයි.

කාල කාල යෝගය

මිථුන, කටක, කන්‍යා යන ලග්න තුනෙන් එකක්ද, අද, පුනාවස, පුෂ, අස්ලිස, මා, පුවපල් යන නැකැත් හයෙන් එකක්ද, දියවක, සතවක, දෙළොස්වක යන භද්‍ර තිථි තුනෙන් එකක්ද, සඳු, බුධ දෙදිනෙන් එකක්ද යෙදී ඇති වේලාව කාල කාල යෝගයයි. 'ඉ', 'ඊ' යන ස්වරයන්ගෙන් නම යෙදී ඇති පිංගල පක්ෂියා හිමි අයට මෙම මොහොත ඉතාමත් සුබයි. මෙහි සුබ දිශාව දකුණය.

ශ්‍රී කාල යෝගය

ධනු, මීන යන ලග්න දෙකෙන් එකක්ද, උත්‍රපල්, හත, සිත, සා, විසා යන නැකැත් පහෙන් එකක්ද, තියවක, අටවක, තෙළෙස්වක යන ඡායා තිථි තුනෙන් එකක්ද, ගුරු දින යෙදී ඇති වේලාව ශ්‍රී කාල යෝගයයි. 'උ', 'ඌ' යන ස්වරයන්ගෙන් නම යෙදී ඇති කාක පක්ෂියා හිමි අයට මෙම මොහොත ඉතාමත් සුබයි. මෙහි සුබ දිශාව බටහිරය.

බ්‍රහ්ම කාල යෝගය

වෘෂභ, තුලා යන ලග්න දෙකෙන් එකක්ද, අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල යන නැකැත් හයෙන් එකක්ද, ජලවක, නවවක, තුදුස්වක යන රික්තා තිථිවලින් එකක්ද, කිවි හෙවත් සිකුරාදා දින යෙදී ඇති වේලාව බ්‍රහ්ම කාල යෝගයි. 'එ', 'ඒ', 'ඓ' ස්වරයන්ගෙන් නම යෙදී ඇති කුක්කුට පක්ෂියා හිමි අයට මෙම යෝගය ඉතාමත් සුබයි.මෙහි සුබ දිශාව උතුර වේ.

විෂ්ණු කාල යෝගය

මකර, කුම්භ යන ලග්න දෙකෙන් එකක්ද, දෙනට, සියාවස, පුවපුටුප, උත්‍රපුටුප, රේවතී යන නැකැත් පහෙන් එකක්ද, විශේනිය, දසවක, පසළොස්වක යන පූර්ණ තිථි තුනෙන් එකක්ද ශනි දින හෙවත් සෙනසුරු දින යෙදී ඇති වේලාව විෂ්ණු කාල යෝගයයි. 'ඔ', 'ඕ', 'ඖ' යන ස්වරයන්ගෙන් නම යෙදී ඇති මයුර පක්ෂියා හිමි අයට මෙම යෝගය ඉතාමත් සුබ බව කියැවෙයි. මෙකී සුබ දිශාව මයුර වෙයි.

තවද පොදුවේ ගත් කල පක්ෂියා බලවත් වීමද, පංචාංග ශුද්ධියද ඇති දිනෙක මෙම යෝගයන් ඉතාමත් බලවත්ය.මව්බිම

Share This Article

ජන්ම පත්‍රයක ආයු ප්‍රමාණය

ජන්ම පත්‍රයක පලාපල කථනයේදී එය හිමි අයගේ ආයු ප්‍රමාණය ගැන මුලින්ම නිගමනය කිරීම ඉතා වැදගත් වෙයි. එහෙත් කිසිම විටෙක ඒ පිළිබඳ...

ජන්ම පත්‍රයේ නවාංශකයෙන් කියැවෙන ඔබේ ගතිගුණ

පෙර අත්බැව්හිදී කරන ලද කුසලාකුසල කර්මයන්ගේ විපාකය හෝරා ශාස්ත්‍රයෙන් ප්‍රකාශ වෙයි. යමකු පිළිසිඳුණු මොහොතෙහිදී ග්‍රහලෝකයෙහි සිතියම පැහැදිලි නිවැරැදි ජන්ම පත්‍රය නම්...

රූමතියකගේ අතගෙන ධනවතෙක් වෙන රහස…

‘ඔය මනුස්සයට හරිගියේ විවාහයෙන් පස්සේ’ මෙවැනි කතා විටින් විට සමාජය තුළින් අසන්නට ඔබටත් අවස්ථාව ලැබී ඇති. එසේත් නැතහොත් එවැනි අත්දැකීමක් ඔබටත්...

පමාවන විවාහය ඉක්‌මනින් කරගන්න අත්දුටුම පිළියමක්‌

අධ්‍යාපන කටයුතු හමාර කර රැකියාවකට යොමුවී විවාහ වීමට සුදුසු වයසට පැමිණි තම දරුවන්ට යහපත් විවාහයක්‌ කරදී තමන්ගෙන් දරුවන්ට සිදුවිය යුතු යුතුකම්...

ඔබේ ලග්නයේ සෙනසුරු කොතැනද?

ජන්ම කේද්‍රයේ කොතැන සිsටියත් නිසි කලට වේලාවට සෙනසුරු හෙවත් ශනි හොඳ හෝ නරක ඔබට ගෙනදෙන බව අමතක නොකරන්න. සෙනසුරු ලග්නයේ හෙවත්...

දරුඵල ඇතිවීම නැතිවීම කේන්ද්‍රයෙන් බලා ගන්න

කාන්තාවෝ මල්වර වීමෙන් පසුව විවාහ ජීවිතයට සුදුස්‌සන් වෙති. අඩු වයසින් මල්වර වීමත්, අඩු වයසින් විවාහයට පිවිසීමත් සුදුසු නොවේ. විවාහයෙන් පසු අඹු...