උපන් නැකැතට ගැළපෙන නැකැත
ජන්මියකු උපත ලබන මොහොතේ උදාව තිබූ නැකැත එම ජන්මියාගේ උපන් නැකැත වෙයි. මෙම උපන් නැකැත අනුව ජීවිත පලාපල ප්‍රකාශ කළ හැකිය. දක්‍ෂ ජේයාතිෂවේදියකුට ජන්මියකුගේ උපන් නැකැත අනුව ජන්මියාගේ මෙම ආත්මය පමණක් නොව පසුගිය ආත්මභාවය පිළිබඳ ප්‍රකාශ කිරීමේ හැකියාව ඇත. ජන්මියකු උපත ලබන මොහොතේ උදාව තිබූ නැකැත එම ජන්මියාගේ උපන් නැකැත වෙයි. මෙම උපන් නැකැත අනුව ජීවිත පලාපල ප්‍රකාශ කළ හැකිය. දක්‍ෂ ජේයාතිෂවේදියකුට ජන්මියකුගේ උපන් නැකැත අනුව ජන්මියාගේ මෙම ආත්මය පමණක් නොව පසුගිය ආත්මභාවය පිළිබඳ ප්‍රකාශ කිරීමේ හැකියාව ඇත.නැකැත් තරු වළල්ල පිහිටා ඇත්තේ සූර්යග්‍රහ මණ්ඩලයේ අඟහරුගේ හා බ්‍රහස්පතිගේ පරිභ්‍රමණ කක්‍ෂයන් අතරය. විශාල තාරකා රාශියක් මෙම කක්‍ෂයක් අතර ඇත. කොටස් විසිහතකට බෙදීමෙන් නැකැත් විසි හතක් වෙන්කර ගැනීමට ජේයාතිෂඥයෝ කටයුතු කරන ලදී. මෙම නැකැත් තරුවල මාපකය වන්නේ සඳුය. සඳුට නැකැත් තරු චක්‍රය පසු කිරීමට දින විසිහතක් ගතවෙයි. එවිට නැකැත් තරුවක චක්‍රීය අගය අංශක දහතුනයි කලා විස්සකි.නැකැත් විසිහතට හිමි ග්‍රහයන් ඇත. එම ග්‍රහයන් හා හිමි නැකැත් පහත දැක්වෙයි.
ග්‍රහයා නැකැත්
- කේතු අස්විද - මා - මුල
- සිකුරු බෙරණ - පුවපල් - පුවසල
- රවි කැති - උත්‍රපල් - උත්‍රසල
- සඳු රෙහෙණ - හත - සුවන
- කුජ මුවසිරස - සිත - දෙනට
- රාහු අද - සා - සියාවස
- ගුරු පුනාවස - විසා - පුවපුටුප
- ශනි පුෂ - අනුර - උත්‍රපුටුප
- බුධ අස්ලිස - දෙට - රේවතී
ජන්මියාගේ උපන් නැකැතට ගැළපෙන හා නොගැළපෙන නැකැත් ඇත. සුබ මුහුර්ත යොදාගැනීමේදී නොගැළපෙන නැකැත් යොදා ගැනීම නුසුදුසුය.ජන්මියා උපත ලද නැකැත අනුව ඔහුට හෝ ඇයට ගැළපෙන නැකැත ඉහත දී ඇති වගුවෙන් සොයා ගැනීමට හැකියි. උපන් නැකැතට අනුව ඉහත වගුව මඟින් ගැළපෙන නොගැළපෙන සුබ අසුබ ගෙනෙන නැකැත් සොයා ගැනීම පහසුය.
සම්පත් නැකැත, ක්‍ෂේම නැකැත, සාධක නැකැත, මෛත්‍රි නැකැත, පරම මෛත්‍රි නැකැත සුබ කාර්යයන් සඳහා උපන් නැකැතට අනුව සුදුසුය. විපත් නැකැත, ප්‍රත්‍යා සිරි නැකැත, වද නැකැත සුබ මුහුර්ත සඳහා නුසුදුසු නැකැත් වන බැවින් කිසිදු සුබ කාර්යයකට එම නැකැත් යොදා ගත යුතු නැත. සතියේ දින හත තුළද නැකැත්වල සුබ අසුබ දැක ගැනීමට හැකියාව ඇත. බෙරණ, අද, මා, සිත, දෙට, සුවන, පුවපුටුප යන නැකැත්වලට සුබ වන්නේ සතියේ දින දෙකක් පමණකි. ඉතිරි දින පහ අසුබය. රෙහෙණ, පුෂ, උත්‍රපල්, විසා, පුවසල, රේවතී නැකැත්වලට සතියේ දින 06ක්ම සුබය. අසුබ වන්නේ සතියේ එක් දිනයක් පමණකි. වැඩිම නැකැත් සංඛ්‍යාවකට එනම් නැකැත් දහසයකට සුබපල ගෙන එන්නේ ඉරිදාය. සිකුරාදාද නැකැත් දහසයකට සුබපල ගෙන දෙයි. සඳුදා නැකැත් පහළොවකටද, අඟහරුවාදා නැකැත් දහහතරකටද, බදාදා සහ බ්‍රහස්පතින්දා දෙදිනද නැකැත් දහහතරකටද සෙනසුරාදා නැකැත් සුබපල ගෙන දෙයි. යොදාගන්නා සුබ මුහුර්තයේ දෝෂයක් තිබුණද අටවිසි මහ යෝග යෙදීමේදී එම දෝෂ භංග බවට පත් වෙයි. උදාහරණ ලෙස ඉරිදා අස්විද නැකැතට ආනන්ද මහා යෝගයද, සඳුදා රෙහෙණ නැකැතට ප්‍රවර්ධන යෝගය යෙදීමද දැක්විය හැකිය. මෙම අටවිසි මහා යෝගයක් සම්බන්ධව නැකැත්වලින් ඉටු කරගත හැකි කාර්යයන් බොහෝය. නැකැත් විසිහත ස්ථිර නැකැත් ලෙස නැකැත් බෙදා වෙන්කර ඇත. එමෙන් චංචල නැකැත් ලෙස නැකැත් පහළොවක් වෙන්කර ඇත. එමෙන්ම තීර්ය අධෝ සහ ඌර්ධව ලෙස නැකැත් නවය බැගින් කොටස් තුනකට බෙදෙයි. අස්විද, මුවසිරස, පුනාවස, හත, සිත, සා, අනුර, දෙට, රේවතී තීර්ය නැකැත්ය. බෙරණ, කැති, අස්ලිස, මා, පුවපල්, විසා, මුල, පුවසල, පුවපුටුප අධෝ නැකැත් වන අතර හෙරෙණ අද, පුෂ, උත්‍රපල්, උත්‍රසල, සුවන දෙනට, සියාවස, උත්‍රපුටුප ඌර්ධව නැකැත්ය. තීර්ය නැකැත් නිවාස ගොඩනැඟිලි ඉදිකිරීමට ඉතා සුදුසු වන අතර ගමන් බිමන් හා වැල් වර්ග රෝපණයටද තීර්ය නැකැත් සුදුසුය. නැකැත් විසිහතට අතිරේකව තවත් නැකැතක් ඇත. එය අභිජිත් නැකැතයි. හිරු උදාවේ සිට හිරු අස්තංගත වන කාලය කොටස් පහළොවකට බෙදා අටවන කොටස අභිජිත් නැකැත ලෙස භාවිත කරනු ලැබේ. දිනපතා සුබ කාර්යයකදී අභිජිත් නැකැත ඉතා සුබ පල ගෙන දෙයි. එක් එක් නැකැතට විශේෂිත වූ සුදුසු කාර්යයන් ඇත. මුහුර්ත යොදා ගැනීමේදී ඉතාම සුදුසු වූ නැකැත් යොදා ගැනීම කාර්යයේ සාර්ථකත්වයට හේතුවෙයි. මෙම නැකැත් සම්බන්ධ මහා යෝග යෙදීමේදී මෙම සාර්ථකත්වය වර්ධනය වන බව කිව හැකිය.
මව්බිම
වැලක ගෙඩි කවදාකවත් වැලකට බරක් නොවන බවට කතාවක් සමාජය තුළ පවතී. මෙම කතාවේ ගැඹූරු අරුතක් තිබේ. දරුවන් පවූලක කොතෙක් සිටියත් ඔවූන්...
වසර හැත්තෑවකට ආසන්න වශයෙන් ජීවත් වීමට වරම් ලැබූ අය මේ යෝගයෙන් උත්පත්තිය හෙවත් ජන්ම දායාදය ලබති. මොවුන් බමුණන් මෙන් වේද ශාස්තෘයන්ගේ...
හොඳ මිනිහා තුළ නරකත් නරක මිනිහා තුළ හොඳත් අල්පව පවතී. ඒවා අල්ප වූ බැවින් හොඳ නරක යන නාමයන් ලැබේ. නවග්‍රහයන්ද එසේමය....
බොහෝ ආදරය කර දහසක් ප්‍රාර්ථනා පොදි බැඳගනිමින් එක්වන යුවලක් මුළු දිවිය පුරාම සතුටින් සමගියෙන් මෙන්ම උතුරාගිය ආදරයෙන් ජීවත් වීමට සිහින දකියි....
රවි, චන්ද්‍ර ආදී ග්‍රහයින් පිළිබඳව කෙටි විස්‌තරයක් කරමින් ඒ ඒ ග්‍රහයින්ගේ අපල ඊට හේතු හා ප්‍රතිකර්ම පිළිබඳව විස්‌තර කිරීමට අදහස් කරමු.සූර්යයා...
මේ කාරණය සම්බන්ධව අපි විවිධ අවස්ථාවල කතාබස් කර ඇතත් මේ වෙද්දි විදෙස් රැකියා සඳහා ඇති අධික ඉල්ලුම හේතුකොට ගෙන බොහෝ දෙනෙකු...