විවාහයට බාධා කරන ශනි මංගල යෝගය
![](https://www.sithmalyaya.com/images/astrology/astrology-251/larges/229.jpg)
විවාහ අපේක්‍ෂක ස්‌ත්‍රී හෝ පුරුෂ අයෙක් වෙනුවෙන් කේන්ද්‍ර පිටපතක් ලැබුණු පසු එය ඔහුට හෝ ඇයට ගැළපේද යන්න පරීක්‍ෂා කිරීමට පවුලේ ජ්‍යොතිෂ මහත්මා හෝ මහත්මිය වෙත යැම සාමාන්‍ය සිරිතයි. එහිදී එතුමා හෝ එතුමිය විසි පොරොන්දම් දස පොරොන්දම් අශ්ඨ කූටය අනුව පරීක්‍ෂා කර 60% වඩා ගැළපේ නම් එය ශුභ බවට තීරණය කරයි. පොරොන්දම් ගැළපීම 10% ක් සුබ වුවත් ඊටත් වැඩිය පරීක්‍ෂා කළ යුත්තේ දෙදෙනාගේ කේන්ද්‍ර දෙකෙහි ග්‍රහ ගැළපීම ග්‍රහ පිහිටීම සුබද යන්නය. මෙම ග්‍රහ ගැළපීම් අතර කුජ දෝෂය, විෂ කන්‍යා දෝෂ, ස්‌ත්‍රී මර යෝග, පුරුෂ මර යෝග, කඩහන්දි දෝෂ, චන්ද්‍ර මංගල දෝෂ, ශනි මංගල දෝෂ වැනි අසුබ යෝග තිබේද? ඒවා භංගවන්නේ ද, යන්න පරීක්‍ෂා කිරීම වැදගත් වේ. එසේ නොමැතිව පොරොන්දම් සියල්ල සුබ වුවත් කේන්ද්‍ර දෙකේ අනිසි ග්‍රහ බලපෑම් නිසා විවාහ ජීවිතය අසාර්ථක වීමට ඉඩ ඇත. අපි පොරොන්දම් බලලා විවාහය කළත් එය සාර්ථක නොවූ බව පවසන අය දැක ඇත්තෙමු. එයට හේතුව පොරොන්දම් පරීක්‍ෂාවේ දී ග්‍රහ ගැළපීමට සැලකිල්ලක් නොදැක්‌වීම බව මගේ අදහසයි. ග්‍රහ ගැළපීමේ දී විශේෂයෙන් බැලිය යුතු වන්නේ දෙදෙනාගේ කේන්ද්‍රවල ශනි මංගල යෝගය පිහිටා තිබේද යන්නය.
ශනි මංගල යෝගය යනු කේන්ද්‍රයේ කොතැනක හෝ ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාත් කුජ හෙවත් අඟහරු ග්‍රහයාත් සංයෝගව සිටීම හෝ සප්තමව සිටීම ශනි මංගල යෝගය නම් වේ. මෙම පිහිටීම විවාහ අපේක්‍ෂක දෙදෙනාගෙන් එක් අයකුගේ කේන්ද්‍රයේ පිහිටා ඇත්නම් එය විවාහයට අසුබ පිහිටීමකි. දෘෂ්ටියකින් සම්බන්ධ වීමත් ශනි මංගල යෝගයට අයත් වේ. ශනි මංගල යෝගයේ සැබෑ තේරුම ශනි යනු කිලිටුවූ ඉරුණාවූ ඇඳුමක් ඇති අපිරිසිදු අන්දමට ජීවත්වන විවාහය අගය නොකරන ග්‍රහයෙකි. කුජ යනු ප්‍රියමනාප පිරිසිදු විවාහය අගය කරන ග්‍රහයෙකි. මෙම දෙදෙනා විරුද්ධ අදහස් ඇති ග්‍රහයන් දෙදෙනෙකි. මෙසේ විරුද්ධ අදහස්, විරුද්ධ ගතිගුණ ඇති දෙදෙනකු එකතුව අසාර්ථක වේ. යහපත් නොවේ. විවාහයේ දී තදින්ම බලපාන ග්‍රහයා වනුයේ කුජ හෙවත් අඟහරුය. විවාහය ඉක්‌මන් කිරීමේ ප්‍රමාද කිරීමේ, විවාහය අසාර්ථක කිරීමේ, වෙන් කිරීමේ, ප්‍රමුඛයා වන්නේ කුජය. එම නිසා කුජ හෙවත් අඟහරුට මංගල කියාද භාවිත කරයි.එක් කේන්ද්‍රයක ශනි මංගල යෝගය පිහිටා ඇත්නම් අනෙක් කේන්ද්‍රයේ එම යෝගය භංග වීමට අවශ්‍ය ග්‍රහ පිහිටීම් නොතිබුණොත් රජ පවුලක වුවත් එම විවාහය අසාර්ථක වීමට බොහෝසේ ඉඩ ඇත. පවුල් අවුල්, අසමගිකම්, හැරයැම, නීතියේ පිහිට පැතීම, වැන්දඹු වීම, දික්‌කසාද වීම ඇතිවන බව පෙනී යයි.මෙම අසුබ ඵල ගෙන දෙන ශනි මංගල යෝගය භංග වන ක්‍රම කීපයක්‌ම ජ්‍යොතිෂයේ දැක්‌වේ. එක් කේන්ද්‍රයක කුජ ශනි යෝගව තිබේද? සප්තමව තිබේද? එසේ නැත්නම් දෘෂ්ටියට ළංව තිබේද? එම දෝෂ භංග වීමට පහත සඳහන් පිහිටීම තිබිය යුතුමය.
ශනි මංගල යෝගය පිහිටන ආකාරය :
- අනෙක් කේන්ද්‍රයේ කුජ ශනි යෝගව කේන්ද්‍රයේ කොතනක හෝ පිහිටා ඇත්නම් දෝෂ භංග වේ.
- අනෙක් කේන්ද්‍රයේ කුජ ශනි දෙදෙනා ග්‍රහ දෘෂ්ටියකින් සම්බන්ධ වී ඇත්නම් දෝෂ භංග වේ.
- අනෙක් කේන්ද්‍රයේ කුජ සිටි තැනින් 4 වැන්නේ 7 වැන්නේ හෝ 8 වැන්නේ සෙනසුරු සිටීමෙන් මෙම දෝෂය භංගවේ.
- ස්‌ත්‍රී පුරුෂ කේන්ද්‍ර දෙකේ ග්‍රහ ගැළපීම් පරීක්‍ෂා කර බැලීමේදී ඉහත සඳහන් පරිදි ග්‍රහ පිහිටීම් ඇත්නම් ශනි මංගල යෝගය භංගවේ.
- එහෙත් 02, 03, 06, 9, 10 සහ 11 යන ස්‌ථානවල ශනි මංගල යෝගය අසුබ ඵල ගෙනදීමෙන් ඇති නොවන බව සමහර පොත්වල දැක්‌වේ. මේ අනුව පොරොන්දම් පරීක්‍ෂාවේ දී මෙම දෝෂ ගැන විශේෂ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙනු කැමැත්තෙමි.
පී. එම්. මුදලිගේ
උපුටා ගැනීම දිවයින පුවත් පත
කේන්දරයේ 8 වැන්න මාරක ස්ථානය ලෙස සැලැකේ. මෙම මාරක ස්ථානය මෘත්‍යුස්ථානය මෙන් ම දුෂ්ටස්ථානය ලෙස ද හඳුන්වයි. 8 වැන්නෙන් ආයුෂ, දීර්ඝායුෂ,...
ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව කුඩා දරුවාගේ සිට වැඩිමහල් පුද්ගලයා දක්‌වා විවිධ අන්දමේ කාම අපරාධ ක්‍රියාවන්ට ලක් වූ අය පිළිබඳව විවිධ අවස්‌ථාවන්හි...
සම්මත චාරිත්‍ර අනුව අලුත් ජීවිතයක් අරඹනු පිණිස දෙදෙනකු සඳහා විවාහ නැකැත් සාදන විට බැලිය යුතු කරුණු රාශියක් ඇතත් අද මේ ලිපියට...
ලිංගික බෙලහීනතාවයන් හෝ කාම උදාසීනත්වය ඇතිවීමට හේතු... ලිංගික තෘප්තියට බාධා ඇති කරන ග්‍රහ පිහිටීම...විවාහයට පෙර ඔබ තෝර ගන්නා සහකරු හෝ සහකාරියගේ...
ජන්මියාගේ ජන්ම පත්‍රය හොඳින් පරීක්ෂා කොටය. ව්‍යාපාරයන්ට ගැලපෙන නැකත් ඇත අස්විද, රෙහෙන, මුවසිරස, අද, පුනාවස, පුෂ, මා, පුවපල්, හත, විසා, මූල,...
මෙලොව උපත ලබන ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම සුදුසු වයසට එළඹීමත් සමඟම විවාහයට පා ඔසැවීමට සිහින මවයි. සමහරු විවාහ අපේක්ෂාවෙන් ප්‍රේම සබන්ධතා ගොඩනගා...