Biz Log
Classifields
Biz Log
Classifields

ඡන්ම තිථියෙන් හෙළිවන වනිතා ගති ගුණ

පෑලවිය :

යම් ස්‌ත්‍රියක්‌ පෑලවියේ උපන්නීද ඒ ස්‌ත්‍රිය සෞභාග්‍ය යුත් ස්‌වාමි කෙරේ ප්‍රිය වූද බොහො පුණ්‍ය වන්තද වේ. සිල්වත් වේ බොහෝ දරු මුණුපුරන් වේ. විවිධ දැනීම් ලබන්නී වේ.

දියවක :

දියවක උපන්නී බොහෝ කාන්ති යුත් උතුම් දේහ ඇති දයායුත් රජ බිසවකට සමාන වේ. යහපත් නෙත් වේ. හිසකේ පියකරුය. දහමට නැඹුරුය.

තියවක :

තියවක උපන්නී ශ්‍රේෂ්ඨ වේ. භාග්‍යවත් වේ. පතිව්‍රතා යුක්‌තය. පුණ්‌ තීර්ථයේ ඇළුණු ගුණවත් දරු මුණුපුරන් ඇත්තියක්‌ වේ.

ජලවක :

ජලවක උපන්නී අනුන්ට ෙද්‍රdaහී කරන තියුණු ගති යුතු වෛශ්‍යාවූද විනෝදකාමී විවේක රහිත වූවා වේ.

විසේනිය :

විසේනිය උපන්නී බන්ධු සමූහයක්‌ ඇති බන්ධූන්ට ප්‍රිය සුසිල්වත් කටයුත්තේ දක්‍ෂ සැප සහිත අනුන්ට උපකාර කරන අපේක්‍ෂාවන් අඩු එකියක වේ.

සටවක :

සටවකගේ උපන්නී පතිව්‍රතා වේ. ස්‌ත්‍රීන් අතර ප්‍රධාන වේ. මනුෂ්‍යයන්ට ප්‍රිය වේ. සෙම් අධික වේ. කෝපී වේ. බොහෝ වියදම් කරයි. නීතිය දනී. හීන ශරීරාංග වේ.

සතවක :

සතවක උපන්නී විශාල නෙත් වේ. මනෝඥ වේ. නීතිය දනී. දෙවියන් ගුරුන් කෙරෙහි ඇලුනේ වේ. ත්‍යාගී වේ. නිහතමානී වේ.

අටවක :

අටවක උපන්නී මස්‌ මාංශ ප්‍රිය වේ. මත් පැනට ගිජු වේ. විකාර රූපී වේ. නපුරු ගත sවේ. ධන හීන වේ. දයා රහිතය. භයංකර පෙනුම වේ.

නවවක :

නවවක තිථියේ උපන්නී රළු වේ ගෙදර වැඩට දක්‍ෂ වේ. නපුරු වේ. අනුන්ට වැඩකාරී වේ. විපත්ති ඇති වේ.

දශවක :

දශවක උපන්නී ධර්මයේ තත්පර වේ යහපත් ගෘහයක්‌ ලබයි. එල්බන ගෙල ඇත. සැප ලබයි. දක්‍ෂවේ. දෙවියන් පුදයි. යහපත් පුත්‍රයන් ලබයි. විපත්ති ඇති වේ.

එකොළොස්‌වක :

එකළොස්‌වක තිථිය වන්නේද දෙවි බඹුන් පුදයි. සිල් රකියි. කටයුත්තේ දක්‍ෂ වේ. ශාස්‌ත්‍ර දනී. වෙදකම් දනී.

දොළොස්‌වක :

දොළොස්‌වක උපන්නී ජලාශවල ප්‍රීති වන්නීය. සුසිල්වත්ය. තම ගෘහයේ වසයි. විලාසිතා යුතුයි. අනුන්ගේ සුළු වැරැදි පවා විමසා බලයි.

තෙළෙස්‌වක :

තෙළෙස්‌වක උපන්නී රූපවන්තයි. ධර්මයේ ඇළෙන්නී වේ. පතිව්‍රතාවේ යහපත් ශාස්‌ත්‍ර දනී. දක්‍ෂයි ඉවසන සුළුයි. සතුරන් දිනයි.

තුදුස්‌වක :

තුදුස්‌වක උපන්නී කාම කලාවේ ඇලුනේ වේ. කට යුත්තේ දක්‍ෂයි. දරුවන් හීනයි. වෛශ්‍යා වේ. අපිරිසිදු වේ. දුශ්ශීල වේ. නපුරුයි.

පසළොස්‌වක :

පසළොස්‌වක උපන්නී සුන්දර වේ. ගුණවත් වේ. ලඡ්ජාසහිතයි. පතිවත රකී සුන්දර දරුවන් ලබයි. කලාව දනී. විශාල තේත්‍රවේ. මුඛ්‍ය අලංකාර වේ.

අමාවක :

මනෝඥ මුඛය වේ. දේව භක්‌තිය ඇත. ස්‌වාමියාට ප්‍රියයි. චතුර වේ. දක්‍ෂ වේ. අණදීමට සමත්ය.

උපුටා ගැනීම දිවයින

Share This Article

නමින් විපරීතයි එනමුදු රාජයෝගයි

කේන්ද්‍රයක මධ්‍යයේ ඇති ලග්න කොටුව වටා තවත් කොටු 12ක් පවතින බව කවුරුත් දන්නා කරුණකි. මෙම කොටු ජ්‍යොතිෂයේදී භාව වශයෙන් හඳුන්වනු ලැබේ....

විවාහයට බාධා කරන ශනි මංගල යෝගය

විවාහ අපේක්‍ෂක ස්‌ත්‍රී හෝ පුරුෂ අයෙක්‌ වෙනුවෙන් කේන්ද්‍ර පිටපතක්‌ ලැබුණු පසු එය ඔහුට හෝ ඇයට ගැළපේද යන්න පරීක්‍ෂා කිරීමට පවුලේ ජ්‍යොතිෂ...

විවාහය ප්‍රමාද ද? එහෙනම් මේ ගැන දැනගන්න

ගිහි ගෙයි රඳන ස්‌ත්‍රියකගේ හෝ පුරුෂයාගේ පැවැත්ම පිණිස විවාහ විය යුතු බවට සමාජ සම්මතයක්‌ වෙයි. එසේ හෙයින් විවාහවීමට බලාපොරොත්තු වන ස්‌ත්‍රිය...

උපන් දිනයටම මරු කැඳවන ග්‍රහ යෝග

මේ දිනවල ජන සමාජය තුළ නිතර කතාබහ වන හා අපිට ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබෙන ප්‍රමුඛ මාතෘකාවක් වී ඇත්තේ විවිධාකාරයේ අනතුරු, ස්වාභාවික...

මල්හීසර වැදෙන්නේ කවදාදෝ... කොතැනදිදෝ

ඔබේ පෙම්වතිය ඔබට කවදා, කෙසේ කිනම් ස්‌ථානයකදී මුණගැසේද? යන්න මේ ලිපිය තුළින් කරුණු ඇතුව පෙන්නුම් කර දීමට මා අදහස්‌ කරමි. තරුණ...

බඳින්න කලින් පොරොන්දම් විතරක් නෙමෙයි ග්‍රහයොත් ගැළපෙනවද බලන්න

විවාහය හා බැඳීම අතර ඇත්තේ පැති දෙකකි. වර්තමානයේ විවාහය යනු ලියැවිල්ලකට ගොනු වූ නීතිමය රාමුවකි. බැඳීම යනු විවාහයට වඩා බලවත් දෙයකි....