Biz Log
Classifields
Biz Log
Classifields

අපලයෙන් ගැලවෙන්න වත් පිළිවෙත් මෙන්න


පෙර කළ අකුසල කර්ම විපාක දෙන අවස්‌ථාව අපල කාලය හැටියට අපට හඳුන්වා දිය හැකිය. උපන් වේලාවේ පැවති ග්‍රහ තත්ත්වයන් දැනට පවතින ග්‍රහචාරයන් අනුව කෙනකුට පවතින අපල කාලය පැහැදිලිව ප්‍රකාශ කළ හැක්‌කේ, පළපුරුදු ජ්‍යෙතීර්වේදියකුට පමණකි. අපල පවතින කාල සීමාවක්‌ එම අපල කාලය තුළ අසනීප වීම්, හදිසි අනතුරු, රැකියා අහිමිවීම් ආදිය සිකි බවත් පමණක්‌ ප්‍රකාශ කිරීම නොසහේ. අපල කාලය තුළ සිදුවිය හැකි දෙයින් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමට නොහැකිවුවත් එයින් තරමක්‌ දුරට හෝ වැළකී සිටිය හැකිනම් එය ප්‍රමාණවත්ය. මේ සඳහා කළ යුතු වත් පිළිවෙත් ජ්‍යෙතිෂයේ නියම කර ඇත. එක්‌ එක්‌ ග්‍රහ අපලවලට කළ යුතු වත් පිළිවෙත් විවිධාකාරය. ඒ ගැන මඳක්‌ විමසා බලමු.

රවි ග්‍රහ අපලය සඳහා
ඊශ්වර දෙවියන්ට භාර වීම, සෙත් කවියක්‌ කියා පිහිට පැතීම සුදුසුය. ආඝෝර යන්ත්‍රය, සූර්ය මණ්‌ඩලය ජීවම් කර පැළඳීමද ශුබයි. පද්මරාග මැණිකක්‌ ඇල්ලූ මුදුවක්‌ පැළඳීමද ඉතා ශුභයි. ඉඹුල් වෘක්‌ෂයට සාත්තු කිරීම, ගස ස්‌පර්ශ කිරීම හා ගසේ දර්ශනය දැකීමද රවි අපලය සඳහා ශුභයි. මල් පූජා කිරීමේ දී රත්මල්, රතු නෙලුම් මල් පූජා කිරීම මැනවි.

සඳු ග්‍රහ අපල සඳහා
සමන් දෙවියන්ට, පත්තිනි මෑණියන්ට භාර වීමද, සෙත් කවි කියවා පිහිට පැතීමද ශුභයි. නවනාථ යන්ත්‍රය, රතන යන්ත්‍රය හා චන්ද්‍ර මණ්‌ඩලය ජීවම් කර පැළදීමෙන් අපල දුරුවේ. ආභරණ වශයෙන් මුතු පැළඳීම ශුභයි. දිඹුල් වෘක්‌ෂයේ ආකර්ෂණය හා දර්ශනයද ශුභයි. සුදු මල් වර්ග පූජා කිරීම සුදුසුය. කිරි අම්මාවරුන්ට දන් දීමද සඳු අපලය දුරුවීමට හේතුවේ.

කුජ ග්‍රහ අපල සඳහා
කතරගම භදවියන්ට පුද පූජා පැවැත්වීම, සෙත් කවි පිහිට ආරක්‍ෂාව පැතීම කුජ අපලය සඳහා සුදුසුය. කන්ද කුමාර යන්ත්‍රය, සීලම්බර යන්ත්‍රය ජීවම් කර පැළඳීමෙන් කුජ අපල දුරුවේ. රතුපාට මල්, රතු නෙලුම් මල් ජූජා කිරීම ශුභයි. කොලොන් වෘක්‌ෂය කුජ ග්‍රහයාට අයත් වේ. එම වෘක්‌ෂයට සාත්තු කිරීම යහපත් වේ. කොරල්, රතු මැණික්‌ ශරීරයට ස්‌පර්ශ වන සේ පැළඳීමද ශුභයි.

බුද අපලය සඳහා
විෂ්ණු දෙවියන්ට භාර වීම, පුද පූජා පැවැත්වීම, සෙත් කවි කියවා පිහිට පැතීම ශුභයි. විෂ්ණු ආඝෝරය, විෂ්ණු නීල මණ්‌ඩලය හා සිව සිදම්බර යන්ත්‍රය ජීවම් කර පැළඳීමද ශුභයි. නාමල් පූජා කිරීමෙන් අපල දුරුවේ. බුද ග්‍රහයාට අයත්වෘක්‌ෂය කොහොඹ ගස නිසා එම ගසට සාත්තු කිරීම ශුභයි. පච්ච මැණික්‌ පැළඳීමෙන්ද අපල දුරු වේ.

ගුරු අපලය සඳහා
ශිව දෙවියන්ට, ශ්‍රී විෂ්ණු දෙවියන්ට ජූජා පැවැත්වීම, සෙත් කවි කියවා පිහිට පැතීම ශුභයි. අභිසම්බිදාන යන්ත්‍රය, නර සිංහය යන්ත්‍රය ජීවම් කර පැළඳීම ගුරු අපලයට සුදුසුය. මැණික්‌ පිළිබඳ නම් පුෂ්පරාග මැණික්‌ පැළඳීම ශුභය. බෝ වෘක්‍ෂයට වැඳීම, ජූජා පැවැත්වීම ගරු සරු කිරීම සුදුසුය. සියලුම වර්ගයේ කහපාට මල් පූජා කිරීම සුදුසුය.

සිකුරු අපලය සඳහා
සිකුරු අපලය සඳහා පත්තිනි දේව මෑණියන්ට භාර වීම සෙත් කවි කියවා පිහිට පැතීම ශුභයි. නවනාථ යන්ත්‍රය, සීලම්බර යන්ත්‍රය ජීවම් කර පැළඳීම ද ශුභයි. දියමන්ති, සුදු මැණික්‌ සිකුරු අපලය සඳහා පැළඳීම මැනවි. විචිsත්‍ර වර්ණයෙන් යුක්‌ත සුවඳැති මල් පූජා කිරීම සුදුසුය. සිකුරු ග්‍රහයාට කරඳ වෘක්‍ෂය අයත් නිසා එම ගසට සාත්තු කිරීම සිකුරු අපලය දුරුවීමට හේතු වේ.

සෙනසුරු අපලය සඳහා
සෙනසුරු බොහෝ අයට අපල ගෙන දෙන ග්‍රහයෙකි. එම නිසා සෙනසුරු අපල සඳහා කළ යුතු වත් පිළිවෙත් බොහෝය. සෙනසුරාදා දිනක පටන් ගෙන දින හතක්‌ බෝධි පූජා තැබීම,කපුටන්ට එළඟිතෙල් මිශ්‍ර කිරිබත් දන්දීම, නිල්පාට මල්, නිල්පාට කොඩි නවයක්‌ බෝධියට පූජා කිරීම වැනි දේ බොහෝ දෙනා දනිති. විෂ්ණු දෙවියන්ට භාර වීම, සෙත් කවි කියවා පිහිට අපේක්‍ෂා කිරීමද මැනවි. නීල මණ්‌ඩලය, විෂ්ණු ආඝෝරය, ශනි මෘර්තුංජය, යන යන්ත්‍ර ජීවම් කර පැළඳීම ද ශුභයි. නුග වෘක්‍ෂය වටා පහන් දැල්වීම නුග ගසට ආවතේව කිරීමද කරනු ලැබේ. නිල් මැණික්‌, කාක නිලක්‌ ඇල්ලූ මුදුවක්‌ පැළඳීමද යහපත්ය. කකුලක්‌ ආබාධිත යාචකයන්ට සෙනසුරාදා උදය කාලයේදී ආහාර, ඇඳුම් පැළඳුම් දී සංග්‍රහ කිරීම ඉතා ශුභයි.

රාහු අපලය සඳහා
ශිව දෙවියන්ට, සූනියම් දෙවියන්ට භාර වීම, පුද පූජා පැවැත්වීම සුදුසුය. නාගර්ජුන යන්ත්‍රය පැළඳීම ගෝමේද මැණික්‌ සහිත මුදුවක්‌ පැළඳීමද ශුභයි, වැටකේ පැලයක්‌ නිවස ඉදිරිපිට සිටුවා සාත්තු කිරීමද රාහු අපලයට යහපත්ය.

කේතු අපලය සඳහා විෂ්ණු දෙවියන්ට භාර වීම
පුද පූජා පැවැත්වීම, සෙත් කවි කියවා පිහිට පැතීම ශුභයි. නාගමාලය, ආඝෝර යන්ත්‍රය, පාතාල මෘර්තුංජය වැනි යන්ත්‍ර ජීවම් කර පැළඳීම ශුභයි. කෙසෙල් ගසට සාත්තු කිරීම, වෛරෝඩි මැණික්‌ පැළඳීම ද ශුභයි.

එක්‌ එක්‌ ග්‍රහ අපල සඳහා ඉහත සඳහන් පරිදි වත් පිළිවෙත් නියම කර ඇත. ආගම දහමට අනුකූලව ජීවත්වීම අසරණයන්ට පිහිටවීම, සතුන්ට අභයදානය දීම, ආහාර පාන දන්දීම, ගිලනුන්ට උවටැන් කිරීම, තම ආගම් පූජ්‍ය උතුමන්ට දන්දීම, ගෞරව කිරීම ආදිය සුදුසුය. සෑම අපලයක්‌ සඳහාම සුදුසුය. මේ පිළිබඳ තම ග්‍රාහකයන් දැනුවත් කිරීම පළපුරුදු ජ්‍යෙතිර්වේදීන්ගේ යුතුකමකි.

උපුටා ගැනීම දිවයින

Share This Article

ජන්ම පත්‍රයෙන් පෙන්වන දෙවැනි විවාහය

කාන්තාවක් සහ පිරිමියකු අතර ඇතිවන ආදරය හෝ ප්‍රේමය මෙන්ම වෙනත් දැන හැඳින ගැනීම් මුල්කොට ගෙන ජීවිතාන්තය දක්වා එක්ව සිටීමේ අරමුණින් විවාහයක් සිදුවන...

ප්‍රේමය තීන්දු කරන සිකුරුගෙ තැන…

සිකුරු ග්‍රහයා ආදරයට ප්‍රේමයට ප්‍රධානත්වයක් දරන ඊට ප්‍රබල බලපෑමක් කරන්නට හැකි ග්‍රහයෙකි. ඒ අනුව ඔබේ කේන්දරයේ සිකුරු ග්‍රහයා සිටින රාශිය කුමක්ද...

ධර්ම දානයේ මහිමයෙන් බුධ ගේ අපලය දුරලන්න

උපතින්ම හිමි වන විවිධ දක්‍ෂතා මෙන්ම දුර්වලකම් ද බොහෝ අයට තිබේ. එකම පලතුරු ගසක ගෙඩිවල එකම රසයක්‌ ඇත. එහෙත් එකම මව්පියන්ට...

වයසට නොයන කැති නැකතින් උපන්නෝ

කැති නැකතින් උපත ලද්දේ නම් ඔහුට ඕනෑම දුක් කරදරයක් විඳ දරා ගැනීමේ හැකියාව උපතින්ම පිහිටා තිබේ. ධෛර්ය සම්පන්නයි. අන් අය අභිබවා...

ඔබ ගැන බොහෝ කරුණු කේන්දරයේ ලියා තිබේ

අද බොහෝ දෙනා කේන්දරය රැගෙන විත් අසන ප්‍රශ්නය වන්නේ විවාහය සිදු වන්නේ කවදාද යන්නයි. ජ්‍යෙතිෂයේදී විවාහය යනු දෙදෙනෙකුගේ සම්බන්ධ වීමකි.සත්වැන්න හිමියා...

විවාහයට විසි පොරොන්දම් ගැලපිය යුතුමද?

නාඩි රාශි තදීශ යොනි වනිතා දීර්ඝ ගණා ශ්වාත‍්‍ර ෂඞ් වර්ගා මුඛ්‍යතරා විවාහ සමයෙ ශෙෂ සතු මධ්‍ය සතතඃ මාහෙන්ද්‍රා ගණිතායු වශ්‍ය දිවසා...