ගැබිනි මවක් සිටින විට නිවාස සෑදීම අසුබද?
තම බිරිඳ හෝ දියණියක හෝ ලේලියක හෝ ගර්භණීව සිටින විට නිවාස සෑදීමට අසුබ දැයි බොහෝ දෙනා විමසති. ගැබිනි මව රටට සම්පතකි. නිවසට වාසනාවකි. එවැනි වාසනාවන්ත සම්පතක් මෙසේ නිවසේ සිටියදී නිවාස සෑදීම අසුබයයි තීරණය කරන්නේ කෙසේ ද? මේ ගැන මදක් විමසා බැලිය යුතුය.
දරුවකු බලාපොරොත්තු වන කාන්තාවක් තම නිවසේ සිටියදී එම ඉඩමේ වෙනත් තැනක හෝ මොනයම් ඉඩමක හෝ නිවසක් තැනීමට ආරම්භ කිරීම, ආරම්භ කළ නිවසක වැඩ කටයුතු දිගටම කරගෙන යැමේ කිසිදු දොaෂයක් නොමැත. එම වැඩ කටයුතු කරගෙන යැමෙන් එම මවට හෝ උපදින්නට සිටින දරුවාට හෝ කිසිම හානියක් නැත.
ගැබිනි මව පදිංචි වී සිටින නිවසට අලුත් කොටස් ගැනීම, සමහර කොටස් කඩා ඉවත් කර, අලුත්වැඩියා කිරීම, ඉතිරි වී තිබෙන වැඩ කොටස් සම්පූර්ණ කිරීමට යැම සුදුසු නැත. නිවසක් තැනීම සඳහා ගනු ලබන කලුගල්, ගඩොල්, වැලි, හුණු, සිමෙන්ති ආදියෙන් ඉතා අධික වශයෙන් දූවිලි පිට වේ. එම දූවිලි සහිත වාතය පිරිසිදු නැත. එම අපිරිසිදු වාතය ආශ්වාස කිරීම මවට හානිදායකය. කුස තුළ සිටින දරුවාට ද අහිතකරය.
එසේම නිවසක් සාදන තැන කලබලකාරීය. වාහනවලින් කලුගල් ගඩොල් බෑම, කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම බිත්ති කැඩීම, වහලය ගැසීම ආදී අවස්‌ථාවලදී අධික ශබ්ද පිට වේ. එම ශබ්දය මවට වඩා කුස තුළ සිටින දරුවාට හානි කරය.
මේ බව අවබෝධකර ගැනීමට ජ්‍යෙdතිර් විද්‍යාව පිළිබඳ දැනීමක් ලබා ගැනීම අවශ්‍ය නැත. සාමාන්‍ය දැනුමැති වැඩිහිටියකුට මෙය අවබෝධ වේ. වෛද්‍ය විද්‍යාව අනුව ද ඉහත කරුණු තහවුරු වේ. ඝෝෂාකාරී පරිසරයෙන් ඈත්ව පිරිසිදු වාතාශ්‍රය ඇති තැනක වාසය කිරීම ගැබිනි මවකට ඉතා හිතකරය.
යම්කිසි කරුණක් පිළිබඳ විමසිලිමත්ව නොසිතන සමහරු තම බිරිඳ ගැබ්ගත් විගස, තනාගෙන යන නිවසේ වැඩ නතර කරති. තම අත තිබෙන මුදල් හෝ බැංකු ණයකින් ගත් මුදල් හෝ වෙන කරුණක් සඳහා තමා නොදැනුවත්ම වියදම් වේ.
මෙවැනි ගැටලු අවස්‌ථාවලදී අත්දැකීම් බහුල වැඩිහිටියකුගේ හෝ පළපුරුදු ජොතිර්වේදියකුගෙන් හෝ අවශ්‍ය උපදෙස් ලබාගෙන කටයුතු කරන්නේ නම්. ප්‍රශ්න විසදා ගත හැකිය. බිරිඳ ගැබ්ගෙන සිටින අවස්‌ථාවේදී තම නිවස අලුත්වැඩියා කිරීමට හෝ ඉතිරි වැඩ කොටස් සම්පූර්ණ කිරීමට හෝ අවශ්‍ය නම් මාස කීපයකට ඇය මවගේ ගෙදරට යවා නිවසේ වැඩ කටයුතු කරගෙන යා හැකිය. එයින් කිසිම දොaෂයක් සිදු නොවේ.
ගැබ්ගත් බිරිඳ පදිංචිව සිටින නිවසේ පිටත තැනක නිවස ඉදිකරන්නේ නම්, කිසිම ප්‍රශ්නයක් පැන නොනගිනු ඇත.
උපුටා ගැනීම දිවයින
අලුතින් නිවෙසක් හදන්නේ ඉතා සතුටින් තම ජීවිත කාලය ගත කිරීමටයි. විශාල මුදලක් වැය කර තමා ඉදිකරන්නට යන නිවාසවලට අපි විසින්ම අසුබ...
පුද්ගලයකු නිවෙසක් තනන්නේ කෙටි කාලීන පාරිභෝජනය පතා නොවේ. මූලික වශයෙන් පරම්පරා දෙක තුනක්වත් යනකම් කරදරයක් නැතිව ජීවත්වීම සඳහායි. නිවෙස තනා ගන්නවා...
සමහරු නිවසක් තැනීමට භූමියක් තෝරන විට කිසිම සෙවීමක් බැලීමක් නැතිව පරිසරයේ ලස්සනට රැවටේ. වෙල් යායක් අසල ලස්සන නිවෙසක් තැනූ පවුලක් ගං...
විවාහ වන සෑම යුවළකගේම ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ දරු සම්පතයි. එහෙත් එම පැතුම සපුරා ගත නොහැකිව සුසුම්ලන අඹු සැමියන් වර්තමානයේ කොතෙකුත් දක්නට...
අප දැනට ජීවත්වන නිවාසවලට අමතරව විවිධ ආකාරයේ හැඩයෙන් සමන්විත පාරම්පරික පැරණි වලව් නිවාස ශ‍්‍රී ලංකාවේ නොයෙකුත් ප‍්‍රදේශවල දක්නට ඇත. විශේෂයෙන් පැරණි...
මාගේ ප්‍රධාන දොරෙන් බැලූ විට ජනේලයකින් එළිය පේනවා. එහි වාස්තු දෝෂයක් තිඛෙනවාද?විශේෂයෙන් ප්‍රධාන ද්වාරයෙන් බැලූ විට කුස්සියේ පිටවීමේ ද්වාරය පෙනීම වාස්තු...