Biz Log
Classifields
Biz Log
Classifields

අපල නොවන්නට මංගල උලුවස්‌ස වෙනස්‌ කරන්නේ මෙහෙමයි

ඊයේ තිබුණ දේ අද වෙනස්‌ වී අද පවතින දේ හෙට වෙනස්‌ වන කිසිවක්‌ ස්‌ථිරව නොපවතින ලෝකයක ජීවත් වන අපට අප විසින් ඉතා ආසාවෙන් හා අපහසුවෙන් ගොඩනගාගත් නිවස වාස්‌තු දෝෂ නිසා හෝ වෙන යම් අලුත් කිරීමක්‌ සඳහා හෝ වෙනස්‌ කිරීමක්‌ කිරීමට සිදුවිය හැකියි. එබඳු වෙනස්‌ කිරීමකදී යම් හේතුවක්‌ නිසා මංගල උළුවස්‌ස වෙනස්‌ කිරීමට සිදුවුවහොත් ඒ පිළිබඳ වාස්‌තු විද්‍යානුකූලව කටයුතු කළ යුතු ආකාරය අනාවරණය කිරීම මෙම ලිපියේ අරමුණය.

ආශ්චර්යය:

මංගල උළුවස්‌ස නිවසක ආශ්චර්යයට හා අලංකාරයට දෙන රුකුල අති මහත් බව පැරැණි අය කීහ. එසේම ගෙට වස්‌තුව ගෙන එන්aනේ මංගල දොරටුවෙනි. අමුත්තන් ගෙට එන්නේ ද මංගල දොරටුවෙනි.

ද්වාර වේධය :

  • මහා මාර්ගයට කෙලින් වේධ වූ ද්වාරය (දොරටුව) ගෙහිමියාට විනාශය පිණිස වේ.
  • වෘක්‍ෂයන්ගෙන් වේධ වූ ද්වාරය පුත්‍රයන්ට දෝෂ ඇති කරයි.
  • ද්වාරය ඉදිරිපස මඩ වළක්‌ වූ කළ ශෝක දෙයි.
  • ද්වාරය ඉදිරිපස ළිඳක්‌ ඇතිවිට අපස්‌මාර රෝග ඇති කරයි.

මංගල දොර :

  • මංගල ද්වාරය ඉදිරිපස දේවාලයක්‌ ඇති විට විනාශය ළඟා වෙයි.
  • ද්වාරය ඉදිරිපස ස්‌තම්භයක්‌ ඇති විට ස්‌ත්‍රීන්ට දෝෂ ඇතිවේ.
  • ද්වාරය ඉදිරිපස බ්‍රාහ්මණ ගෘහයක්‌ ඇති විට කුලය විනාශ වෙයි.
  • එසේම බ්‍රහ්ම ස්‌ථානය (බ්‍රහ්ම පාදය) අභිමුඛ කොට ගෘහයාගේ ද්වාරය නොකට යුතුය. (වාස්‌තු රත්නාවලිය)
  • ඒ කියන්නේ නිවසේ හරි මැදට කෙලින් මංගල දොරටුව (ප්‍රධාන දොර) පිහිටුවීම අශුභ බවය.
  • මංගල උළුවස්‌ස පිළිබඳව වාස්‌තු විද්‍යා ග්‍රන්ථවල සඳහන් වන කරුණුවලින් බිඳකි ඒ.

මංගල උළුවස්‌ස :

සෞභාග්‍ය නිවසට කැඳවන මංගල උළුවස්‌ස වෙනස්‌ කරන්නට අවශ්‍ය වුවහොත් එය කළ යුත්තේ සුදුසු නැකතකටයි. අශුභ ග්‍රහ කිරණ වැටී වායු ගෝලය දූෂිත වූ මොහොතක මංගල උළුවස්‌ස ගැලවීමද ඉතා අශුභය. එසේ කළ හොත් එම ක්‍රියාව ගෙහිමියාට පමණක්‌ නොව එම ගෙයි වසන අනෙක්‌ අය වෙතද විපත් ළඟා කර ගැනීමක්‌ වශයෙන් වාස්‌තු විද්‍යාවේ සඳහන් වේ. විශේෂ : කිසිවකුගේ කේන්ද්‍රයට සෑහෙන පරිදි ලග්නයට නැකැතට හා සඳුට ගලපා ස්‌ථාපිත කරනු ලබන මංගල උළුවස්‌ස ගැලවීමේදී ද එම කරුණුවලට ගැලපෙන සේ නැකත් සකසා ගත යුතුය.

ජන්ම නැකත් පාදය :

නැකැත් ගැලපීමේ දී ජන්ම නැකැත් පාදයට තත්කාල නැකැත් පාදය ගැලපුනහොත් එයින් විශිෂ්ට ඵල උදාවේ.

වායුගෝලය :

එසේම වායු ගෝලය පිරිසිදු වන ශුභ මොහොතක මංගල උළුවස්‌ස ගැලවිය යුතුය. මංගල උළුවස්‌ස ගලවන විට ස්‌වාමින් වහන්සේ නමක්‌ ලවා පිරිත් සඡ්ජායනය කර “කරණීය මෙත්ත සූත්‍රය” කියා පිං කැමැති සියලු දෙවියන්ට, සතරවරම් දෙවියන්ට. මහී කාන්තාවට, භූතයන්ට අධිපති ඊශ්වර දෙවියන්ට හා ඉඩමට නිවසට අරක්‌ ගත් භහිරව දේවතාවන්ට පිං අනුමෝදන් කරවා ආරක්‍ෂාව ඉල්ලීමෙන් මහත් යහපතක්‌ සිදුවේ.

මල්පැල :

මංගල උළුවස්‌ස ගලවා ඉවත් කරන ශුභ මොහොතකට කලින් මංගල උළුවස්‌ස ඉදිරිපිට මල් පැලක්‌ තනා බුද්ධ පිළිම වහන්සේ නමක්‌ වඩා හිඳුවා මල් පහන් සුවඳ දුම් හා ගිලන්පස සහිත බුද්ධ පූජාවක්‌ තබා තෙරුවන් වැඳීමද, නිවසේ සතර කොනේ මල් පැල සතරක්‌ පිහිටුවා මල්පහන් සුවඳ දුම් කහ දියර බඳුනක්‌, විළඳ, මීපැණි, කිරිබත්, කෙසෙල් ගෙඩි, කැවිලි තබා ඉඩමට අරක්‌ගත් භහිරව දේවතාවන්ට පුද කැප කිරීමද ගෘහ හිමියාගේ ශුභ සිද්ධියට හේතු වේ.

පිළිවෙත් :

  • මංගල උළුවස්‌ස ගලවා ඉවත් කරන විට කිසිවකු නිවස තුළ නොසිටිය යුතුය.
  • මංගල උළුවස්‌ස ගැලවීමේ කටයුත්ත කළ යුත්තේ වඩු හෝ මේසන් බාස්‌ උන්නෑහේය. විශේෂයෙන් ගෙහිමියා පිටතට වී සිටීම ශුභය.
  • මංගල උළුවස්‌ස ගලවා ඉවත් කරන්නට සෑදූ තත්කාල ශුභ මොහොතේ ලග්නය හා නැකත ගෘහ හිමියාගේ, ගෘහණියගේ ජන්ම ලග්න, ජන්ම නැකත් හා 06, 08, 12 වන රාශි නොවිය යුතුය. එසේම පවුලේ බාලයා පුතෙකු නම් තත්කාල ශුභ මොහොත ඔහුගේ කේන්ද්‍රයට ගලපා ගැනීම ඔහුගේත් යහපතට හේතුවෙයි.

උපුටා ගැනීම දිවයින

Share This Article

වාස්තු විද්‍යාවෙන් දුර්මත දුරලමු

වාස්තු ශිල්පියෙකු අනිවාර්යෙන්ම නිවසක දෝෂ ඇද්දැයි සොයා බලන ස්ථාන මේවායි. ප්‍රධාන දොර.උළුවහු තබා ඇති තැන්.උළුවහු ජනෙල් සංඛ්‍යාව.කාමර පරීක්ෂා කිරීම.මුළුතැන්ගෙය...

ජල බැස්මද වාස්තු දෝෂ ඇති කරයි

ඉඩමේ බෑවුම වාස්තු ශිල්පීය ක්‍රම වේදයන්ට අනුව ඔබගේ ඉඩමේ ජල බැස්ම සහ වහලයේ ජල බැස්ම නිසි පරිදි තීරණය කිරීම ඉතාමත් වැදගත් අවස්ථාවක්...

ඔබේ වාස භූමිය විවාහ යෝග යටකරනවාද?

විවාහය යනු පුද්ගලයකුගේ නැවත ඉපදීමක්‌ ලෙස සමාජයේ අදහසක්‌ තිඛෙනවා. ජීවිතයේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ ලෙස විවාහය යන්න හඳුන්වා දිය හැකියි. සමාජයේ හා ජාතියේ...

කොච්චර හම්බ කළත් මදියි කියන දෝෂ

කොළඹට තරමක් නුදුරු, වෙලක් අසල පිහිටි මේ ඉඩමට ඔවුන්ගේ හිත ගියේ එහි තිබූ සුන්දරත්වය නිසාමයි. ඉඩම පිහිටියේ තරමක් බෑවුම් වෙන්නයි. එහි...

වාසනාවන්ත නිවසක් තැනීම සඳහා වාස්තු විද්‍යානුකූලව සුදු ප්‍රදේශය සොයා ගැනීම

'පතිරූප දේශ වාසොච පුබ්බේච කත පුඤ්ඤතා' යන බුදු වදනට අනුව ඔබට ජීවත් වීමට සුදුසු ප්‍රදේශය කුමක්‌ද? කියා මීට අවුරුදු දෙදහස්‌ හත්සියයකට...

නැකත වැරදි නම් නිවස ගිනිගෙන ගෙහිමියා මැරෙයි මිනිස්‌ වාසයට වහල හා බිත්ති ශාස්‌ත්‍රානුකූල විය යුතුයි

නිවසක අලංකාරය වහලය හා බිත්ති පිළියෙල කිරීම මත පවතින බව ඔබ දත යුතුයි. එය කාලයට පරිසරයට දේශගුණයට හා වෙනස්‌ වන මෝස්‌තර...